තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිමැවීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපළකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත.
මුදල් ඉපැයීම පසෙකලා ලෝකවාසී ජනයාගේ යහපත වෙනුවෙන්ම ඉදිකළ කෞතුකාරය හා අධ්‍යාපනය කේන්ද්‍රය ඉදිකළ ආයුර්වේද වෛද්‍ය එච්.එම්. විතානාච්චි මහතා සහ මාලී විතානාච්චි මහත්මිය යන දෙපලට එකී ගෞරව සම්මානය පසුගියදා ජපානයේ දී පිරිනමා තිබිණ.
රෝගවලින් ආරක්ෂාවීම සදහා ආයුර්වේදයට අනුව කරනු ලබන්නාවු පංචකර්ම ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කිරීම්, ඖෂධ පැලැටි සංරක්ෂණය, පැරණි ආයුර්වේද වෛද්‍යවරුන් විසින් භාවිතා කරන ලද උපකාරක, පොත්පත් ආදිය ඇතුලත් මයියංගන දඹාන ආයුර්වේද කෞතුකාගාරය විෂය සම්බන්දයෙන් දැනුම ලබාගැනීමට දෙස් විදෙස් පරිශීලකයන්ට කදිම තෝතැන්නකි.
මෙරට තුල කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් හෝ අවදානයක් ලැබී නොමැති වටපිටාවක ජපන් පදනමක් මගින් ගෞරව සම්මානයක් පිරිනැමීම පිළිබඳ මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.