Skip to content

වන අලින් නිසා පිඩාවට පත් මහකච්චකොඩිය

වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශයට නිරන්තරයෙන් කඩා වදින වන අලින් හේතුවෙන් ජනතාව මහත් දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බවට එම ගම්වාසින් මැසිවිලි නගති. ඒ අනුව ඔවුන් පෙන්වාදෙන්නේ දැනට වසර කීපයක සිට ඔවුන් මෙම වන අලි ගැටලුවට මුහුණපා සිටින බවයි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධානතම ජිවනොපය වන ගොවිතැන සිදු කිරීමට මෙම වන අලි ගැටලුව හේතුවෙන් බාධා එල්ලාව පවතින බව ගම්වාසීන් පෙන්වාදෙයි. අද වන විට ගම්මානයේ ගොවි ජනතාව ගෙවතු වගාවෙන් සම්පුර්ණයෙන්ම ඉවත්ව සිටින බව ඔවුන් පවසයි. සෑම දිනකම ගම්වදින වන අලින් සිය දිගු කාලින බෝග පවා දැන් විනාශ කරමින් සිටින බවත් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කලද මේ වන තෙක් නිසි ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවත් ඔවුන් පවසයි.

Latest