Skip to content

මැලේරියාවෙන් බේරෙන්න අලුත් එන්නතක්..

මැලේරියාවට එරෙහිව භාවිත කළ හැකි ඉතා ලාභදායී එන්නතක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ පර්‍යේෂක කංඩායමක් විසින් නිපදවීමට සමත්ව ඇති අතර එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියද මේ වන විට හිමිව තිබේ.

ඒ අනුව මැලේරියාවට එරෙහිව මෙතෙක් නිපදවා ඇති දෙවැනි එන්නත මෙය වේ.

වාර්ෂිකව ඉතා විශාල පිරිසක් මැලේරියා වසංගතයට ගොදුරු වන අතර ඉන් බහුතරයක් ළමුන් සහ බිළිඳුන් බවට හඳුනාගෙන තිබේ.

පසුගිය 2021 වසරේදී මැලේරියා රෝගීන් මිලියන 247ක් හමුවී ඇති අතර ඉන් 619,000ක් මියගිය බවත් එම මියගිය අය අතුරින් බහුතරයක් කුඩා ළමුන් බවද සදහන්.

මැලේරියාව ළමුන්ට සෑදීමෙන් ඔවුන් නිරන්තර රෝගී වීම, නීරක්තිය, ශරීර වර්ධනය අඩුවීම සහ මානසික බලපෑම් පවා ඇතිවිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.

Latest