Skip to content

මාරාන්තික වෛරසයක් ගැන ලොවම බීතියෙන්. ශ්‍රීලංකාවත් සීරුවෙන්.

කොවීඩ් වසංගතයෙන් අනතුරුව මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය මේ වන විට ඇමරිකාව ඇතුලු බටහිර රටවල් දැඩි අවධානමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

කොවිඩ් ආසාදනයේ සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය මාරාන්තික ශ්වසන ආසාදන ඇති කරවන බවටත් එය බටහිර රටවල වේගයෙන් ව්‍යාපත් වීමේ අවධනමක්ද පවතින බවට වාර්ථා වෙයි..

නව වෛරසයේ අවධානම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ශ්‍රීලංකාවේ  සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන අතර එම අමාත්‍යංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, එම වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති බවටය.

කෙසේවෙතත් මෙම වෛරසය මෙරටට මෙතෙක් ව්‍යාප්ත වී නොමැති අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ අදාළ බළධාරීන් වඩා අවධානයෙන් කටයුතු කරන බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Latest