Skip to content

එල්.වී.ජයවීර කුසලානය පේරාදෙණියට

දින පහක් පුරා කන්ත⁣ලේ නගර සභා ක්‍රීඩා සංකීර්ණයේ පැවැති එල්.වී.ජයවීර අනුස්මරණ කුසලානය යලිත් වරක් පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලීය බොක්සිං ක්‍රීඩකයින් සමත් විය. බොක්සිං ක්‍රීඩවට ආධුනික මීට පෙර කිසිදු ජාතික මට්ටමේ තරගාවලියකට සහභාගි නොවූ ක්‍රීඩකයින් වෙත ජාතික බොක්සිං පොරපිටියට අවතීර්ණ වීමේ අවස්ථාව ලබාදීමට 1972 වසරේ නිර්මාණය එලු.වී.ජයවීර අනුස්මරණ තරගාවලිය මෙවර පැවැත්වූවේ 47 වනි වරටය. ජයග්‍රාහි පේරාදෙණිය ක්‍රීඩකයින් සමස්ත ලකුණු සටහනේ ලකුණු 33ක් ලබාගැනීමට සමත් විය.

දිවයින පුරා පාසැල් 53ක ක්‍රීඩකයින් තුන්සියයකට අධික සහභාගිත්වයෙන් පැවැති තරගාවලිය ක්‍රීඩකයින්ගේ බර අනුව කිලෝග්‍රෑම් 33 සිට 63.5 දක්වා වූ බර පන්ති 25කට බෙදා පැවැත් වූ තරගාවලියේ ශූරතාව දිනූ පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම රන් පදක්කම් 4ක් සහ ලෝකඩ ⁣පදක්කමක් සමඟින් සමස්ත ලකුණු සටහනේ ඉදිරියෙන් රැඳී සිටීමට සමත් විය. දෙවැනි සහ තුන්වැනිට පත් වූයේ පිළිවෙලින් කඩුගන්නාව ජාතික පාසැල සහ කොරබුරුවාන මහා විද්‍යලයයි. 2022 වසරේ එල්.වී.ජයවීර කුසලානයේ හිමිකරුවන් වූ කොළඹ මහානාම විදුහලට මේ වසරේ රන් පදක්කම් 2ක් පමණක් දිනා ලකුණු සටහනේ හයවැනි තැන රැඳීමට සිදුවිය.

තරගාවලියේ ඉසව් 25දී රන් පදක්කම් ලාභීන් බිහිකිරීමට පාසැල් 17කටම හැකිවීම තරගාවලියේ තියුණු බව තහවුරු කරයි. එසේම තරගාවලියට සහභාගි වූ පාසැල් කණ්ඩායම් 53අතරින් කණ්ඩායම් 47ක්ම කුමන හෝ පදක්කමක් ජය ගැනීමට සමත් වීම සුවිශේෂය.

පදක්කම් සටහන
0. පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය - රන් 4, ලෝකඩ 1
0. කඩුගන්නාව ජාතික පාසැල - රන් 3, ලෝකඩ 2

0.	කොරබුරුවාන මහා විද්‍යලය - රන් 2, රිදී 2, ලෝකඩ 1

0.	සහිරා විද්‍යාලය කොළඹ - රන් 2, රිදී 2, ලෝකඩ 1 

0.	බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය - රන් 2, ලෝකඩ 2
0.	මහානාම විද්‍යාලය, කොළඹ - රන් 2
0.	සීවලි විද්‍යාලය, රත්නපුර - රන් 2, රිදී 1
0.	ශාන්ත මේරි ජාතික පාසැල, වේයන්ගොඩ - රන් 1, ලෝකඩ 1

0.	විපුලාන්නද විද්‍යාලය - රන්1, ලෝකඩ 1

Latest