Skip to content

LPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

ලංකා ඉතිහාසයේ පළමුවරට LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (14) දින කොළඹ ශැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ බවට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට සිටියි.

පළමුවරට පැවැත්වෙන මෙම LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී සිටින අතර ඒ අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 204 දෙනෙකු සිටිද්දී විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙකුද මේ සඳහා ලියාපදිංචි වී ඇත..

අද දිනයේදී ආරම්භ වූ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාව සඳහා හිටපු පාකිස්ථාන සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම්, ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිසර පෙරේරා  ඇතුලු ක්‍රීකට ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වීසිටියහී.

LPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වන ක්‍රීඩක  ලැයිස්තුව පහතින්.

Latest