Skip to content

LPL ක්‍රිකට් සැණකෙළිය අද සිට ඇරඹෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද (30) දිනයේ සිට ආරම්භ වන අතර සමාරම්භක උත්සවය අද පස්වරු 5.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගී වන මෙම තරගාවලිය තරග 24කින් සමන්විත වේ. අද දිනයේ සිට එළඹෙන අගෝස්තු මස (20) වනදා දක්වා තරඟාවලිය පැවැත් වෙනු ඇත.

මෙම තරගාවලියේ මූලික වටයේ තරග 12ක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ මූලික වටයේ තරග 08ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි යන කණ්ඩායම් පහ මෙවර ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලියේදී තරග වැදීමට නියමිතව ඇත.

ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත් වේ.

Latest