Skip to content

ලොතරැයි මිල 20 හතලිහ වෙන ලකුණු.

ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට රුපියල් 20 සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය..

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයද මේ බව සහතික කර සිටි අතර මෙලෙස ලොතැරැයි මිල වැඩිකිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතියද ලැබී ඇති බවටත් වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ලොතරැයි පත්වල මිල වැඩි කරන විට දැනට අලෙවි නියෝජිතයින්ට එක් ලොතරැයි පතක් වෙනුවෙන් ගෙවනු ලබන කොමිස් මුදල රුපියල්  වැඩි කළ යුතු බවටත් කොමිස් මුදල  වැඩි නොකරන්නේ නම් ලොතරැයි පත් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවටද සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පෙන්වා දෙයි.

මීට පෙරද ලොතරැයි පතක මිල රුපියල් 40 ක් දක්වා වැඩි කල අවස්ථාවේදී පාරිභොගික ජනතාවගේ විරෝධය සහ ලොතරැයිපත් අලෙවි නොවීමත් ලොතරැයි අලෙවි නියෝජිතයින්ට පැවති අපහසුතාවයන්ද හේතුවෙන් වැඩිකල ලොතරැයි පතක මිල නැවත රුපියල් 40 සිට රුපියල් 20 දක්වා අඩුකිරීමට සිදුවිය.

Latest