Skip to content

ලෝකය තුල මුදල් ක්‍රියා කරන ආකාරය

" මුදල් "

එම වචනය ඇසෙන විට එය ඔබට හැඟෙන්නේ කෙසේද?

සමහර විට එච්චර හොඳක් දැනෙන්නේ නැතුව ඇති. මුදල් ගැන සඳහන් කළ පමණින් ඔබේ හෘද ස්පන්දන වේගය ඉහළ යාමටත්, ඔබේ මොළය ඔබට නැති, වැඩිපුර අවශ්‍ය, තවත් අවශ්‍ය, මුදල් අවශ්‍ය කරන සියලු හේතු වලින් කැරකීමටත් හේතු වේද?

මේ සම්බන්ධව ඔබේ ප්‍රතිචාරය කුමක් වුවත්, අප සැමට ඇත්තේ එක හේතුවකි.

එය මෙසේ නවීන සමාජය තුල යොදා ගන්නා ප්‍රසිද්ධ කියමනකින් දැක් විය හැක.

"Money Makes The World Go Round"

සෑම උදෑසනකම ඔබ ඔබේ සේවා ස්ථානයට යෑම සඳහා ඔබ ගන්නා රුපියල් 100ක බස් ටිකට් පත හෝ ඔබ ගෙවූ රුපියල් 100,000ක ණය වාරිකය පවා මෙයට අදාල වේ. බොහෝ දෙනා හට එදිනෙදා ජීවිතයේ මුදල් භාවිතා නොකරන දිනයක් ඇත්තේ නැත.

ඔබ හට දියමන්ති මාලයක් පැළඳ Sport Car එකක් පදවමින් සිටින පුද්ගලයා වීමට හෝ එම මෝටර් රථය දිහා පාරේ බලා සිටින ඒ පිළිබද සිහින දකින පුද්ගලයා විමට හැකියාව ඇත. එතරම් මිනිසාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වන මුදල් පිළිබද, එම මුදල් ලෝකය තුල හසුරවන ආකාරය පිළිබද ඔබ නොදන්නා බව මට විශ්වාසය.

මෙම ලිපිය ඔබේ ලෝකය සහ ඉහළ මූල්‍ය ලෝකය එකිනෙකට සම්බන්ධ වන ආකාරය පිළිබඳ පාඨමාලාවක් වන අතර අවසානයේ දී ආර්ථික ලෝකයේ කැරකෙන මිත්‍යාව පිළිබඳ ඔබට පෙන්වීම මගේ අරමුණ වේ.

නූතන ලෝකය විශ්වාස කරන මුදල් නෝට්ටුවක් ලෙස අපට සිතිය හැකි පළමු ලකුණ ක්‍රි.පූ. 118 දී චීනයේ දී හමු වී තිබෙන අතර එය සම් කැබැල්ලක ස්වරූපය ගෙන ඇත. ඉන් වසර 900 කට පසු මුදල් කඩදාසි බවට පත් වී මේ යුරෝපයට සහ පසුව ලෝකයට පැමිණීම කාලයත් සමග සිදු විය.

දැන් ශතවර්ෂ ගණනාවක් ගත වී ඇත. නමුත් චීන ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද එම මූලික සංකල්පය අද අපේ එදිනෙදා ජීවිතයෙන් වෙන් කොට හඳුනාගත නොහැකි තැනකට පැමිණ ඇත. 1800 ගණන්වල මුල් භාගයේ එංගලන්තයේ ආරම්භ වූ මුල්ම සැබෑ ගෝලීය මුදල් අගය රන් ප්‍රමිතිය වේ. එය මුදල් ඒකකයක වටිනාකම රත්‍රන් වල ස්ථාපිත අගයට කෙලින්ම සම්බන්ධ කළේය.

ඉතින් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටක ඩොලර් 1ක් හරියටම රත්තරන් අවුන්සයකින් 1/50 වගේ අගයක් ගෙන ඇත. මෙම ක්‍රමය සකසා ඇත්තේ ඉතා මැනවින්,එය ලොව පුරා ස්ථාවර මූල්‍ය පරිසරයක් සපයන ආකාරයට ය. ඒ වගේම ටික කාලයක් එය එසේ සිදු විය. එහෙත් සියලු ස්වභාවික සම්පත් මෙන්ම, රත්රන් සැපයුම අප මුලින් සිතූ තරම් ස්ථාවර වූයේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුදල්වල වටිනාකම මැනීමේ මාධ්‍යයක් ලෙස රත්‍රන් යොදා ගැනීම රටවල් විසින් අත්හැරීමට පටන් ගත්තේය.

1971 දී එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් ඩොලර් සහ රත්‍රන් අතර සිදු වූ පරිවර්තනය නිල වශයෙන් සිදු කළේය. ඒ වන විට එක්සත් ජනපද ඩොලරය ගෝලීය සම්මත මුදල් ලෙස සැලකූ නිසා ඩොලරය තවදුරටත් රත්රන් වල වටිනාකමෙන් නියම නො කිරීම සිදු වීම සිදු විය. එම සිදුවීමෙන් පසු එතෙක් ලෝකයේ රත්තරන් තබාගෙන සිටි බලය බිද වැටීම සිදු විය.

Richard Nixon

ඩොලරයේ අගය තවදුරටත් රත්‍රන් වල වටිනාකමෙන් තීරණය නොවන්නේ නම් ඇත්තටම ඩොලරයක වටිනාකම ඩොලර් 1ක් බවට පත් කරන්නේ කුමකින් ද?

ඇත්තෙන්ම රන් ප්‍රමිතිය වැනි වෙළඳ භාණ්ඩ පිටුබලය සහිත පද්ධතියක් වෙනුවට අපට දැන් ඇත්තේ ෆියට් මුදල් ( Fiat Currency ) ලෙස හැඳින්වෙන සහජ වටිනාකමක් නොමැති සහ ඒ වෙනුවට රජයක් විසින් අනුබල දෙන දෙයකි. අද ඩොලරයට එහි වටිනාකම ලබා දෙන්නේ එක්සත් ජනපදයේ ආර්ථික සැපයුම සහ ඉල්ලුම විසිනි.

එය පාලනය කරන්නේ කවුද?

" රාජ්‍ය මූල්‍ය පද්ධති "

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල එහි මුදල් මුද්‍රණය කිරීමේ අයිතිය භාණ්ඩාගාරය සහ U.S Mint එක සතුව ඇත. නමුත් දිනෙන් දින වර්ධනය වන ඩිජිටල් ව්‍යාපාර සමග එම මුදල් නෝට්ටු ක්‍රමය මිය යන ව්‍යාපාරයක් බවට පත් වී ඇති ආකාරය අපට දැක ගත හැකිය.

ඉතින් රජයක් වචනාර්ථයෙන්ම මුදල් මුද්‍රණය නොකරන්නේ නම් ලෝකය තුල මුදල් සංසරණය වන්නේ කෙසේද?

නැව් වලින් ඩොලර් ගෙන ඒමට, ලෝකය ඩිජිටල් ලෝකය සමග Evolve වන කාලයක රටේ මුදල් අලුතින් මුද්‍රණය කිරීමට යෝජනා කරන, බෞද්ධ සාහිත්‍යයේ ඇති යෙදුමක් වන " අඥාණවන්ත " යන යෙදුමෙන් අපට හැදින්විය හැකි මිනිසුන් නොදන්නා දෙය වන්නේ මේ වන විට ලෝකයේ මුදල් වලින් බහුතරය ඇත්තේ පරිගණකයක අංකයක් ලෙස පමණක් බවයි

රටක මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත ඩිජිටල් ලෙස ඇදහිය නොහැකි තරම් මුදල් බැර කර ඇත. මෙම මහ බැංකුව විසින් රටේ ආර්ථික තත්ත්වය මත වාණිජ බැංකුවලට කොපමණ මුදලක් තැන්පත් කරන්නේද යන්න පාලනය කරයි. එක්සත් ජනපදයේ කොරෝනා මුල් අවධියේදී එම මුදල්වලින් සමහරක් උත්තේජක චෙක්පත් ( Stimulus Checks ) ආකාරයෙන් බැංකු ගිණුම් වෙත කෙලින්ම යවන ලදී.

එය සාමාන්‍යයෙන් ක්‍රියා කරන ආකාරය මෙන්න.

මහ බැංකුවක් රට පුරා බැංකු සහ ණය සමිති වෙත මුදල් යවන අතර ඔවුන් එම මුදල් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ණයට දීමෙන් ආර්ථිකයට බෙදා හරිති. එය අපව ණය යන මාතෘකාවට ගෙන එයි. ලංකාවේ ණය ගැන කතා කිරීමට අකමැති බැවින් මම බොහෝ අය නොදන්න ණය යනු කුමක්ද සහ එහි චලනය වන කොටස් ක්‍රියා කරන්නේ කෙසේද යන්න පවසන්නම්.

අධ්‍යයනයන් කිහිපයකින් පෙන්වා දෙන දෙය නම් ණය ගෙවීමේ අදහසට පවා දැඩි චිත්තවේගීය ආතතියක් ඇති කිරීමට හැකි බවයි. කිසිවෙකු විසින් කිසිවෙකගෙන් කිසිවක් ණයට ගැනීමට කැමති නැත. නමුත් ජීවන වියදම අප ජීවත්වීම සඳහා උපයන මුදලට වඩා විශාල ලෙස වැඩි වීමත් සමඟ බොහෝ දෙනෙකුට ණය නොමැතිව ජීවත් විය නොහැකි තැනට පත් වී අවසානය.

ඔබේ මෝටර් රථය මිලදී ගැනීමට, ඔබේ කුඩා ව්‍යාපාරය ආරම්භ කිරීමට, උසස් අධ්‍යාපනය ලබා ගැනීමට හෝ නිවසක් මිලදී ගැනීමට ආදී ක්‍රියාවන් පිණිස ඔබ ණයක් ලබා ගනී. ඉතා සුළු පිරිසකට තම බැංකු ගිණුම්වල ඇති මුදලින් නිවසක් ලබා ගත හැකි වුනත් අනෙක් අය නිවසක් කුලියට ගැනීමට තෝරා ගන්නා අතර තවත් සමහරු උකසක් ( Mortgage ) ආකාරයෙන් බැංකුවෙන් ණයක් ගැනීමට තීරණය කරති. නමුත් බැංකු යනු පුණ්‍ය ආයතන නොවේ. ඒවා ගොඩනඟා ඇත්තේ ලාභ ලැබීමට ය. ඒවගේම පොළී හරහා එය ලබා ගන්නා ක්‍රමයක් එහි ඇත.

පොලී යනු බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් ඔබට ණයට දී ඇති මුදල් භාවිතා කිරීමට ණය ගැණුම්කරු වන ඔබ විසින් ගෙවන මුදලයි. සෑම මසකම ඔබ ඔබේ මහල් නිවාසයේ ගෙවන කුලිය මෙන් සිතන්න. ඔබට මහල් නිවාසය අයිති නැත. නමුත් ඔබට එය ගාස්තුවක් ගෙවා භාවිතා කළ හැකිය. ඒ ආකාරයෙන්ම ඔබ ඔබට යමක් මිලදී ගැනීමට පිණිස බැංකුවෙන් ලබා ගත් ණය ලෙස භාවිතා කළ මුදල් ඔබට අයිති නැත. නමුත් ඔබට එය ගාස්තුවක් ගෙවීමෙන් භාවිතා කළ හැකිය.

තවද මෙම දැන් මිලදී ගෙන ගෙවීමේ පසුව කරන්න ( Buy Now, Pay Later ) යන මාදිලිය පවතින්නේ නිවසක් සහ උසස් අධ්‍යාපනය වැනි විශාල මිලදී ගැනීම් සඳහා පමණක් නොවේ. එය අපගේ මුළු සමාජයම විනිවිද ගොස් ඇති අතර අප දැන් මිලදී ගන්නා බොහෝ දේ මෙම ආකෘතිය මත පවතී. විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ් නිර්මාණය කළ දා සිට.

ඔබට අවශ්‍ය අලුත් සෝෆා එකට සල්ලි මදිද?

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත යොදා ගෙන එය මිළදී ගන්න.

නව iPhone එක ලබා ගැනීමට අවශ්‍යද?

ඔබේ අන්තර්ජාල සේවා සපයන්නාට මාසික ගාස්තුවක් ගෙවීමෙන් එය මිළදී ගන්න.

xbox වැනි Gaming Console පවා මෙම වෙළද ආකෘතිය අනුගමනය කරයි. සැන්ඩ්විච් එකක්, අලුත් කලිසම් හෝ අපේ බල්ලන්ට කෑම වැනි කුඩා දේවල් සඳහා පවා ගෙවීමට මිනිසුන් දැන් ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරයි.

එම මිලදී ගැනීම් සඳහා ගෙවීමට නියමිත වේලාවට අපගේ ශේෂය ගෙවන්නේ නම් ක්‍රෙඩිට් කාඩ් සමාගම් අය කරන පොලී අනුපාත මග හැරිය හැකි බව අපි හොඳින් දන්න කරුණකි. නමුත් බොහෝ දෙනෙකුට විශේෂයෙන් දුෂ්කර කාලවලදී ඔවුන්ගේ කාඩ්පත් පොළිය එකතු වීම සිදු වන අතර එය නිසා ඉක්මනින් මූල්‍යමය වශයෙන් නරක ස්ථානයකට මඟ පෑදිය හැකිය. ක්‍රෙඩිට් කාඩ්පත් අවශ්‍ය නම් ආර්ථික ගැටලුවල දී මූල්‍යමය උපකාරයක් සැපයීමට උදවු කළ හැකි නමුත් ඒවා අවදානමක් සමඟ ද පැමිණේ.

ඉතින් එය වටිනවාද?

මේ ගැන මිශ්‍ර හැඟීම් තියෙනවා. සමහර අය සිතන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීම ඔබව කෙලින්ම ණය උගුලකට හසු කර ගැනීමේ ස්ථිර ක්‍රමයක් බවයි. නමුත් අනෙක් අය නිතර දකින්නේ ක්‍රෙඩිට් කාඩ් යනු ඔබට ණය ලබා දීමෙන් දියුණු වීමට ඉඩ ලබා දෙන මාර්ගයක් ලෙසයි. ඔබ කවදා හෝ මහල් නිවාසයක් කුළියට ගෙන ඇත්නම් හෝ මෝටර් රථයක් මිල දී ගෙන තිබේ නම් මේ දිනවල ක්‍රෙඩිට් කාඩ් යනු ඔබගේ දෛනික ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් වී ඇත.

ඔබ මෙම අදහසේ කොයි පැත්තේ සිටියත්, අප සියලු දෙනාටම එකඟ විය හැකි එක් දෙයක් වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීමේදී ඔබ ප්‍රවේශම් විය යුතු අතර, එවිට ඔබ ඕනෑවට වඩා වියදම් නොකිරීමට සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැඹුරු ණයකට යෑම සිදුසු නැත යන්නයි.

ඔබේ ණය, ඉතුරුම් සහ ඔබේ ආදායම නුවණැති ආකාරයෙන් භාවිතා කර අවසානයේ ඔබේ මුදල් සමඟ ගණුදෙනු කිරීමට ඔබට ප්‍රමාණවත් ආදායමක් ලබා ගත හැකිය. ඉන්පසු ඔබ යොමු වන්නේ සෑම මූල්‍යමය වශයෙන් ස්ථාවර පුද්ගලයෙක් කිරීමට යෝජනා කරන දෙයයි.

" ආයෝජනය ( Invest ) "

මූලික වශයෙන් ආයෝජනය කිරීම යනු මූල්‍ය ප්‍රතිලාභයක් උපයා ගැනීම සඳහා ඔබේ මුදල් යම් දෙයකට කැප කිරීමයි. මෙම ආයෝජන ලෝකයේ ප්‍රධාන කියමනක් වන්නේ අවදානම වැඩි වන තරමට ප්‍රතිඵලය වැඩි ( Greater The Risk, Greater The Reward ) බවය. බැඳුම්කර වැනි ආයෝජන ආරක්ෂිත නමුත් අඩු ප්‍රතිලාභයක් ඇති අතර තනි කොටස්වල ආයෝජනය කිරීමෙන් ඇදහිය නොහැකි තරම් ඉහළ ප්‍රතිලාභ ලබා දිය හැකිය. නමුත් එය අතිශයින් අවදානම් වේ. ඉන්පසුව පැමිණෙන්නේ Cryptocurrency. එහි නිසි ලෙස ආයෝජනය කිරීම ගැන පැහැදිලි කිරීමට නම් ඒ ගැන වෙනත් සම්පූර්ණ ලිපියක් ලිවීමට අවශ්‍ය වේ.

මේ සියල්ලම අපට කිරීමට අවස්ථාවක් ලැබුණහොත් අපේ අවසාන වන්නේ අරමුණ අපේ ධනය ගොඩනගා ගැනීමයි.

අපේ මූල්‍යමය වටිනාකම වැඩි කිරීමයි.

යමක් හෝ යමෙකු කොතරම් වටිනවාද යන්න පෙන්වීම මුදල් වල අවසාන අරමුණයි.

ඔබට අවශ්‍ය සැපවත් විශ්‍රාම ජීවිතය කොපමණ වටිනවාද?

එය ඔබගේ විශ්‍රාම ගිණුමේ කොපමණ මුදලක් තැන්පත් කර ඇත්ද යන්න විසින් ඔබට දන්වනු ඇත.

මෝටර් රථයක් ගැන කුමක් කිව හැකිද?

අමතර සුවපහසුව, සමාජ තත්ත්වය පෙන්වීම ආදී මනසට සුවයක් ගෙනෙන කරුණු භුක්ති විඳීම සදහා වටිනා සුඛෝපභෝගී වාහනයක අප මිළදී ගනී. මෙහි අතුරු ඵලය ( Byproduct ) වන්නේ සමාජයක් වශයෙන් අපි ද්‍රව්‍යමය භාණ්ඩ සහ මිනිසෙකු සතු වස්තුවෙන් පුද්ගලයෙකුගේ වටිනාකම මැනීම සහ "වටිනා Worth" යන අදහසට ඔබට නොදැනීම ඔබ ඇබ්බැහි වී සිටීමයි.

ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් විසින් ධනවත් පුද්ගලයන්ගේ Net Worth ප්‍රකාශයට පත් කරයි. යමෙකුගේ සාර්ථකත්වයට අංකයක් ලබා දෙයි. මෙම ලැයිස්තු නිර්මාණය කිරීම සඳහා වාර්තාකරුවන් දුසිම් ගනනක් ලොව පුරා සිටින කෝටිපතියන් සහ ප්‍රකෝටිපතියන් සොයා ඔවුන්ගේ පුද්ගලික තොරතුරු රැස් කර ඔවුන්ගේ උපකල්පිත වත්කම් සියල්ල එකතු කර ඔවුන්ගේ වගකීම් ( Liabilities ) අඩු කරයි.

ඉතින් Jeff Bezos සතුව Amazon හි දළ වශයෙන් 10% ක පමණ කොටස් අයිතිය තිබේ නම් අපි ඔහුගේ ජෙට් යානය, ඔහුගේ යාත්‍රාව සහ ඔහු භුක්ති විඳින වෙනත් ඕනෑම සුවපහසුවකම් එම 10% කින් අඩු කළහොත්, ඔහුගේ ශුද්ධ වටිනාකම හඳුනා ගැනීමට අපට හැකි විය යුතුය.

Jeff Bezos 

එම සරල එකතු කිරීම සහ අඩු කිරීම පහසු බව පෙනේ. නමුත් එහි නොපෙනෙම වෙනත් පැත්තක් ඇත.

විශ්වසනීය දත්ත ලබා ගැනීම දුෂ්කර වන අතර, ධනවත් පුද්ගලයන් තම මුදල් ගබඩා කරන්නේ කොතැනද යන්න නිවැරදිව සොයා ගැනීමට අපහසුය. ලෝකයේ ධනවත්ම පුද්ගලයන් බොහෝ දෙනෙක් ආයෝජන බැංකුකරුවන් වේ. නමුත් එදිනෙදා පදනමින් එය පවත්වාගෙන යන අයගේ ධනය සෘජුවම නියම කරන සමාගමේ සංයුතිය දැන ගැනීමට ක්‍රමයක් නොමැත.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ( Influencers ) ධනය සම්බන්ධයෙන් ද නොගැලපීම් තිබේ. Influencers යනු වර්තමාන ලෝකයේ මිනිසුන් උමතුවෙන් මෙන් පිළි ගන්නා, Follow කරන පිරිසකි.

කයිලි ජෙනර් තමා විසින්ම සාදන ලද ලාබාලතම ප්‍රකෝටිපතියා ( Youngest Self Made Billionaire ) බව එක් අවස්ථාවක සඳහන් විය. නමුත් ඇයගේ ව්‍යාපාරයේ වටිනාකමක් ලැබෙන්නේ එයින් ලැබෙන මුදල නිසාම නොවේ. ඇය එයට සම්බන්ධ වීම නිසා එම ව්‍යාපාරයේ වටිනාකම ඉහළ යෑම සිදු වී ඇත. ව්‍යාපාරයේ වටිනාකම රඳා පවතින්නේ ඇයගේ සහභාගීත්වය මතයි. මෙය මගින් ඇගේ ධනය ඇගේ ව්‍යාපාරයේ වටිනාකම තීරණය කිරීම නිසා එය වඩාත් සංකීර්ණ වේ.

Kylie Jenner 

යථාර්ථය වන්නේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ශුද්ධ වටිනාකම මූලික වශයෙන් අනුමාන වන අතර ඇත්ත වශයෙන්ම එය ඔවුන් කොපමණ වටිනාවද යන්න පිළිබඳ නිවැරදි නිරූපණයක් නොවන බව ඔබ විසින් මතක තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයකි.

ඉතින් ඇයි අපි මේ ලැයිස්තු වලට ඇලී සිටින්නේ?

අවසානයේ සිදුවන්නේ ලෝකයේ ධනවත්ම මිනිසුන් දෙස බලමින් අපගේ වටිනාකම් මැන තෘප්තියක් හෝ දුකක් ලබා ගනිමින් මුදල් විසින් දුවවන පද්ධතියේ දිව යෑම පිණිස ඔබ යොමු කිරීම නොවේ ද?

අපගේම වියදමින් මූල්‍යමය කටයුතුවලට පොළඹවා ගෙන අපේ ජීවිතයම ඉවරයක් නොමැති Race එකක් බවට පත් කර ඇත්තේ ඔබව කරත්තයක බර ඇදීමට ගැට ගසා ඇති ගොනෙකුට සමාන කරමින් නෙමේ ද?

සත්‍යය නම් මුදල් ගැන ඉගෙන ගැනීම සහ අපගේ ආර්ථික ක්‍රමය ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම මගින් ඔබට ෆෝබ්ස් හි ප්‍රකෝටිපතියන් ලැයිස්තුවේ ස්ථානයක් සහතික නොකරයි. නමුත් එය ඔබේ සිත තුල මේ මොහොතේ ඔබට විදීමට හැකි සාමය, නිවීම, මෝක්ෂය, විමුක්තිය හෝ ශාන්තිය නම් වූ විවිධ නම් වලින් හදුන්වන හැගීම ලබා කර ගැනීමට කුඩා හෝ උපකාරයක් ලබා දීම සිදු කරයි. ලෝකය පාලනය කරන මුදල් පිළිබද යථාර්ථය දැන ගැනීමෙන් අපට ලෝකය ටිකක් පැහැදිලිව දැකීමට සහ ආර්ථික ප්‍රවෘත්තිවලින් එතරම් බරක් නොදැනෙන තැනට ඔබේ මනස දියුණු කර ගත හැකිය.

අවසානයේ පැවසීමට ඇත්තේ එක දෙයකි.

තෘෂ්ණාව නිසා අපේ හිතේ විවිධ ආශාවන් හට ගනී.

එම ආශාවන් සනසා ගැනීම පිණිස ඔබට ජීවත් වීමට අවශ්‍ය තරමින් එහාට ගිය මුදලක් අවශ්‍ය වේ.

ඉන්පසුව සරලව සතුටින් ගෙවිය හැකි ඔබේ ජීවිතය මුදල් ඉපැයීම පිණිස ඉවරයක් නොමැති තරගයක් ඇති System එකක් වෙනුවෙන් කැප කිරීමට සිදු වේ.

එහි දිව යෑමේ දී ඔබට මහන්සිය, පීඩනය, කැපකිරීම් සහ අවසානයේ " දුක " යන්න උරුම වේ.

මෙය මෙලෙසම අපගේ පසු පරම්පරාවටත් ඉන් ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා සියලු දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වේ.

අද වර්තමාන ලෝකයේ මුදල් මත දිව යන මේ පද්ධතිය පිළිබද මනා සිහියකින් දකින විට මට මතක් වන්නේ මා ඉගෙන ගත්, ප්‍රායෝගිකව පුහුණු කරන පුරාණ පෙරදිග දර්ශන වල ඇති ප්‍රසිද්ධ කියමනකි.

" තෘෂ්ණාව නිසා හට ගන්නා දුක පවතින්නේ ආසාවන් සැනසීම පිණිස අප විසින්ම නිර්මාණය කර ගන්නා සංසාර චක්‍රය නම් වූ ගමන තුලයි."

Latest