Skip to content

ලංකාවටයි මාලදිවයිනට යවන්න තිබූ මහපරිමාන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම


නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට රැගෙන යාමට සූදානම් කර තිබු  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2,600ක් සමග  සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ කේරළ පොලීසිය විසින් ඊයේ (22) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කේරල ප්‍රාන්තයේ පොලීසියට ලැබුණු තොරතුරක් මත  වෙරළාසන්නයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය  තොගය සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන් එක් සැකකරුවෙකු ශ්‍රී ලාංකික සම්භවයක්  සහිතව ඉන්දියාවේ වාසයකරන්නෙකු වන අතර අනෙක් තැනැත්තා පකිස්තාන ජාතිකයෙක්.

සැකකරුවන් දෙදෙනා හා අයිස් මත්ද්‍රව්‍ය තොගය කේරලයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට කේරළ පොලිසිය පියවර ගෙන තිබෙනවා.

Latest