Skip to content

ලංකාවේදී බුදුපිළිම නෙළන බංගලාදේශයේ පොඩි සාදු ..!!

සංඝප්‍රිය හිමියන් පිළිම නෙළීම සිදු කරම්න්

බෞද්ධ දර්ශණය අනුව යමින් පැවිදි දිවියට ඇතුලත්ව තමන් තුල වූ සහජ කළා හැකියාවන් හේතුවෙන් මූර්ති කළාව ප්‍රගුණ කරලීමට විදේශ රටකින් මෙරටට වැඩම කල භික්ෂූණ් වහන්සේ නමක් පිළිබඳ තොරතුරු  වාර්තා වනුයේ පිළියන්දල ප්‍රදේශයෙනි.  අප උන්වහන්සේ මූර්ති කළාව ඉගෙනීම සිදු කරන එම කළාගරය වෙත පියමැන්නේ ඒ ඵිළිබඳව තව දුරටත් තොරතුරු සොයා බැලීම සඳහාය

මූර්ති කලාව ප්‍රගුණ කරනු වස් මෙරටට වැඩම කළ උන්වහන්සේ පූජ්‍ය සංඝප්‍රිය හිමියන්ය. බංගලාදේශයේ උපත ලබා දෙමාපියන් සමග වැඩිමහල් සහෝදරියක් සහ නැගනියන් දෙදෙනෙකුගේද සෙවනේ ගිහි කළ හැදී වැඩුනු උන්වහන්සේ වයස අවුරුදු දහ තුනේදී එරටදී මහණ දිවියට ඇතුලත්ව ඇති අතර මේ වනවිට උන්වහන්සේ ගේ වයස  අවුරුදු 19කි. එරට  චිතගොං නගරයේ පිහිටි දම්දමා නබාබ්පූර් ධර්මකීර්ති බෞද්ධ ආරාමයේ වැඩ වෙසෙමින් (Damdama – Nababpur Dharmakirti Buddhist Monastery) බුදු දහම ඉගෙනීම සිදු කරමින් සිටින විටදී උන් වහන්සේගේ සිත මූර්ති කළාව ඉගෙනීම කෙරෙහි යොමුව ඇත. ඒ උන්වහන්සේ වැඩ විසූ එම ආරාමයේ  ඒ දිනවල සිදු කළ විවිධ වූ අලුත් වැඩියාවන් සඳහා පැමිණි පිරිස් විසින් එහි බුදු පිළීම අලුත්වැඩියාව, චිත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම වැනි කටයුතු වල නිරත වීම නිරන්තරයෙන්ම සංඝප්‍රිය හිමියන්ගේ  ඇස ගැටීම හේතුවෙනි. පසුව සිය කැමැත්ත පිළිබඳව එම විහාරයේ විහාරාධිපති හිමියන් දැනුවත් කිරීමෙන් පසුව එම විහාරාධිපති හිමියන් විසින් හඳුනන මෙරට මූර්ති කළාව මෙන්ම චිත්‍ර කළාව පිළිබඳ හසල දැනුමක් ඇති හිටපු විශ්වවිද්‍යාලීය කතිකාචාර්‍යවරයෙකුද වන  භරත ලියනගේ මහතා  යටතේ මූර්ති කළාව හැදෑරීමට උන්වහන්සේව මෙරටට එවීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. ඒ අනුව බංගලාදේශයේ සිට උන්වහන්සේ මෙරටට වැඩමකර ඇත්තේ 2021 වසරේදීය.

මෙරටට වැඩම කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ නවාතැන වී ඇත්තේ රනාල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක්‍ ය. රනාල එම විහාරස්ථානයේ  පිළියන්දල පිහිටි කළාගාරය වෙත මූර්ති කළාව ඉගෙනීම සඳහා වැඩම කර ඇති සංඝප්‍රිය හිමියන් කාලය පිළිබඳව කිසිදු අවධානයක් සිදු නොකොට සිය ඉගනීම සිදු කොට ඇත. මේ නිසාම උන්වහන්සේගේ මූර්ති ගුරු භරත ලියනගේ විසින් එම කළාගාරයේම කොටසක පිහිටි කාඹරයක් සංඝප්‍රිය හිමියන් වෙත සූදානම් කර දී ඇත්තේ උන්වහන්සේට කාලය පිළිබඳව නොසිතමින් වඩාත් පහසුවන ලෙස සිය ඉගෙනීම කටයුතු සිදු කර ගැනීමට පහසුවනු පිණිසය. ඒ අනුව සංඝප්‍රිය හිමියන් මේ වනවිට එම කළාගාරයේම පිහිටි කාඹරයක රැදෙමින් සිය මූර්ති ඉගෙනීම සිදු කරයි.

මේ පිළිබඳව  අදහස් දැක්වූ පූජ්‍ය සංඝප්‍රිය හිමියන් මෙසේ පැවසීය. “ මම බංගලාදේශයේ පන්සලේ වැඩම කරලා ඉන්නකොට අපේ විහාරයට මූර්ති නිර්මාණ ශිල්පීන් එනවා විහාරයේ වැඩකටයුතු සිදු කරන්න. මම ඒවා හැමදාම දැක්කා. ඒ නිසා මටත් ආසාවක් ආවා බුදු පිළිම නෙලන්න. මම අපේ නායක හාමුදුරුවන්ට ඒ බව කිවවා. උන්වහන්සේ ඒ දවස්වල ලංකාවේ වැඩ හිටියේ. ඊට  පස්සෙ උන්වහන්සේ මට ලංකාවට යන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා දුන්නා. ඊට පස්සෙ මම ලංකාවේ රනාල ප්‍රදේශ්යේ අපේ නායක හාමුදුරුවන් හඳුනන හාමුදුරුවන් වහන්සේ නමකගේ පංසලක නතරවුනා. එහෙදී මාස හයක් පමණ කාලයක් සිංහල ඉගෙන ගත්තා. දැන් මට සිංහල ටිකක් කතා කටන්න පුලුවන්. ඒත් මට අවශ්‍ය වුනා රෑ වෙනකම්ම ඉගෙන ගන්න. මේ නිසා භරත සර් මට එයාගේ කළාගාරයේම ඉන්න හදලා දුන්නා. මම සතියකට වරක් විතර රනාල පන්සලට වැඩම කරනවා ”

‌ මූර්ති කළාව ඉගෙනීමෙන් පසු නැවත එරටට වැඩම කිරීමට අපේක්ෂාවෙන් පසුවන සංඝප්‍රිය හිමියන් පවසන්නේ එහිදී උන්වහන්සේට සිය දැනුමින් වැඩ සිටින විහාරයේ බුදු පිළිම නෙළීම වැනි කටයුතු සිදු කළ හැකි බවත් එමෙන්ම තවත් කෙනෙකුට එය කියා දීම තම අපේක්ෂාව බවත්‍ ය. මේ නිසාම කොපමණ කාලයක් ගත්වුවද දිවා රෑ වෙහෙසී නිසි පරිදි කළාව ඉගෙන ගැනීම තම අරමුණ බවද උන්වනසේ වැඩි දුරටත් පැවසීය.                                                                      

Latest