සෑම වසරකම ඔක්තොම්බර් මස 01 වෙනිදා අපි ලෝක ළමා දිනය සමරන්නේය.අප රටේ ක්‍රියාත්මක වන බොහෝ මාධ්‍ය අයතනද ලෝක ළමා දිනයට සමගාමීව විවිධ උත්සව පවත්වා ඒවා මහත් උජාරුවෙන් තම නාලිකා වලින් ප්‍රචාරය කරති. දිවයින පුරා පිහිටි පාසල් වලද ලෝක ළමා දින වැඩ සටහන් පැවැත්වෙන අතර,විවිධ දේශපාලකයින්ද ඒවාට හවුල් වන්නේ කිසිදු හිරිකිතයක් නොමැතිවය.
රට පුරා ඒ ආකාරයෙන් ළමා දින සැමරුම් උත්සව පැවැත්වෙන විට ඊට හාත් පසින්ම වෙනස් කටයුත්තක් කරන්නට ගාල්ල මහින්ද විද්‍යාලයේ දරුවන්,සහ ගුරුවරුන් කටයුතු කර ඇත.එම විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමගේ මහතාගේ අදහසක් අනුව සහ මගපෙන්වීම යටතේය.
පිරිමි දරුවන් 4000 ක් පමණක් අධ්‍යාපනය ලබන ගාල්ලේ මහින්ද විද්‍යාලය මෙරට ජනප්‍රිය පාසලකි.විද්වතුන්,උගතුන්,ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනෙකු මෙරටට දායාද කරන්නට ගාල්ල මහින්ද විද්‍යාලයට හැකියාව ලැබී ඇත.
මේ පාසලේ දරුවන් මෙවර ළමා දිනය සමරණු ලබන්නේ"පරිසර හිතකාමී" බෑගයක් නිෂ්පාදනය කර ඒවා පාසලේ දරුවන්ට බෙදා දෙමිනි.මෙම කටයුත්ත සදහා පාසලේ ගුරුවර,ගුරවරියන්,සිසුන්ද එකා මෙන්ව වෙහෙසෙන ආකාරයක් දක්නට ඇත.
විද්‍යාලයේ බහු විධ මාධ්‍ය ශ්‍රවණාගාරය මේ දිනවල ඇගළුම් කර්මාන්ත ශාලාවක සිරි ගෙන ඇත්තේ ඒ නිසාමය.විද්‍යාලයේ ගෘහ ආර්ථික විද්‍යාව, ප්‍රායෝගික තාක්ෂණික කුසලතා හදාරණ සිසුන් විද්‍යාලයේ තම කාලච්චේද වලදී සිදු කරන්නේ මේ පරිසර හිතකාමී බෑගය නිෂ්පාදනය කිරීමය.සෑම දෙනා එකා මෙන්ව වූ මහන්සියේ ප්‍රථිපල ඔවුන් 02 වෙනිදා තම පාසලේ පැවැත්වෙන ලෝක ළමා දින උත්සවයේදී සමරන්නට සුදානමින් සිටී.ඒ සියළුම දරුවන්ට පරිසර හිතකාමී බෑගයක් ලබා දෙමිනි.
හිතුවොත් මොනවාද කරන්න බැරි?පිරිමි දරුවන්ට මැහුම් ගෙතුම් කරන්න බැරිදි?මේ ආදී ප්‍රශ්ණ විමසන සියළුම දෙනාට ගාල්ලේ මහින්ද විද්‍යාලයේ දරුවන් ආදර්ශයකි.
මෙම ලිපිය ඔවුන්ට උපහාරයක් පිණිස ලියන ලද්දේ ඒ නිසාමය.







