නිධානයකින් ලබා ගත් රත්‍රං යැයි පවසා ව්‍යාජ ලෙස සකස් කරන ලද බොත්තම් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකුව අග්බෝපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊච්චලම්පත්තු - පුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුවය.
නිධානයකින් ලබා ගත් රත්‍රං තොගයක් තමන් සතුව ඇති බව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හමුවී ඇති අයෙකු පුනගර් පදිංචි තරුණයෙකුට පවසා ඇත. එම රත්‍රං තොගය මිලදී ගැනීමට පුනගර් පදිංචි තරුණයා කැමැත්ත පළ කර ඇත.
ඒ අනුව පසුගිය 21 වෙනිදා තම මිතුරෙකු සමග කත්නලේ - හතරැස්කොටුව ප්‍රදේශයට ගොස් ඇත. එහිදී හමුවී ඇති පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් සතුව තිබී ඇති ව්‍යාජ ලෙස සකස් කරන ලද රත්‍රං වලට සමාන බොත්තම් තොගයක් පුනගර් තරුණයාට ලබා දී ඒ සදහා රුපියල් ලක්ෂ 04 ක මුදලක් ලබා ගෙන ඇත.
ව්‍යාජ රත්‍රං රැගෙන ආපසු පුනගර් වෙත යමින් සිටි තරුණයින් දෙදෙනාව අග්බෝපුර පොලිස් මාර්ග බාධකයේදී නවත්වා ඇත. එම අවස්ථාවේදී තරුණයින් දෙදෙනා නොසන්සුන් වී ඇත. එම නොසන්සුන් වීම සම්බන්ධයෙන් සැකකර ඇති පොලිස් නිලධාරීන් තරුණයින් දෙදෙනාව පරීක්ෂාවට ලක් කර ඇත. තරුණයින් දෙදෙනා සතුව තිබී ව්‍යාජ රත්‍රං තොගය හමුවී ඇත්තේ එම අවස්ථාවේදීය.
ව්‍යාජ රත්‍රං ළග තබා ගෙන සිටි තරුණයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අග්බෝපුර පොලීසිය එම තරුණයින් හා ගණු දෙණුව සිදු කළ බව කියන සැකකරුවන් සොයා විමර්ශණයක් ආරම්භ කර ඇත.



