Skip to content

ලිට්‍රෝ ගෑස් මිල පහළට! සංශෝධිත මිල ගණන් මෙන්න!

ලිට්‍රෝ සමාගම විසින් සිය ගෑස්  සිලින්ඩරවල නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 12.5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 204 න් අඩු වී තිබෙන අතර එහි නව මිල ලෙස දැක්වෙන්නේ රු 2,982ක්ය.  .

කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයේ නව මිල රු.1,198 ලෙසයි දැක්වෙන අතර රු.83කින් එහි මිල පහළ දමා ඇත. කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයේ මිලද රු. 561ක් දක්වා පහත දමා තිබෙන්නේ මෙතෙක් අලෙවි වූ මිලෙන් රු.37ක අඩුකිරීමක් සමඟිනි.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සෑම මාසයකම මුල් සතියේ සිදුකෙරෙන අතර ඊයේ දිනයේදී ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ 12.5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.2,000 සීමාවට අඩු වනු ඇති බවයි.

Latest