Skip to content

පොසොන් සතියේ මතට තිත!

පොසොන් පුන් පොහෝදිනය නිමිත්තෙන් ඊට සමගාමීව අනුරාධපුර නගරයේ පැවත්වෙන පොසොන් සතිය හේතුවෙන් එලඹෙන මැයි මස 31 වනදා සිට ජුනි මස 06 වනදා දක්වා අනුරාධපුර සියලුම සුරාසැල් වසාදැමීමට තීරණය කොට ඇත.

දිවයින පුරා පිහිටි සුරාසැල් ජුනිමස 03 වනදා පොසොන් පොහෝය වෙනුවෙන් වසා තැබෙන අතරම අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් සියල්ලක්ම පුරා සතියක් වසා දැමේ.'

මැයිමස 31 වනදා සිට එලඹෙන 06 වනදා දක්වා කාලය තුලදී අනුරාධපුරයේ පිහිටි සුරාසැල් මගින් හෝ වෙනත් පෞද්ගලික ස්ථානයකින් නීතිවිරෝධීව මත්පැන් අලෙවිකරන්නේනම් නීත්‍යානුකූලව කටයුතු කිරීමටද අනුරාධපුර පොලීසිය පියවර ගෙන ඇත.

මේ අතරේ පොසොන් සතය තුලදී අනුරාධපුර නගරයෙන් පිටත පිහිට සුරාසැල් සියල්ලකටම වාර් ථාගත ආදායමක් පසුගිය වසරේදීද ලැබී තිබුණි.

Latest