Skip to content

Witcher ලෝකය කියවා ගනිමු.

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Witcher TV Series එකේ ලෝකය සහ ඉතිහාසය ගැන සංක්ෂිප්තව​. ඔයාලගෙන් සමහරක් දෙනා දැනටමත් මේක නරඹල ඇති. නමුත් තවම නරඹන්න බැරිවුණු සියලු දෙනාටම Witcher වෙතට නැඹුරු වෙන්න යම් උනන්දු කිරීමක් විදිහට තමයි අද මම මේ සටහන තබන්නේ. සීරියස් එකේ අපට ප්‍රධාන චරිත තුනක් බලාගන්න පුලුවන්. Geralt, Yennefer සහ Princess Ciri තමයි මේ කියන චරිත ත්‍රිත්වය​. පළවෙනි සීසන් එක ගත්තහම මේ තුන් දෙනාගේ චරිත වටා දිවෙන ටයිම්ලයින් එක තරමක් වෙනස් එකක්.

Conjunction of SPHERES

මොකක්ද මේ Conjunction of SPHERES කියන්නේ. ඒ තමයි ලෝකවල් කිහිපයක් එකිනෙකට එකතු වීම. ශතවර්‍ෂ කිහිපයකට කලින් විචර් කියන ලෝකයට වෙනත් ලෝක වල ජීවීන් එකතු වෙලා තියෙනවා. මිනිසුන් විතරක් නෙවෙයි, ඒ අතර තවත් නපුරු බලවේගත් (Monsters) ඉඳල තියෙනවා.

"Chaos තමයි මේ ලෝකෙ තියෙන භයානකම දේ. හැබැයි පාලනයක් නැති උනොත් Chaos එකෙන්ම උඹලා මැරිලා යාවි."


මේ සිදුවීම් සියල්ල වෙන්නේ නමක් නැති මිතිකල් continent එකක​. මෙහි පිහිටලා තියෙන Nothern Kingdoms සහ​ Nilfgaard දෙක වෙන් වෙලා තියෙන්නේ ඇමෙල් කියන විශාල කඳු පන්තියෙන්. මේ කඳු පන්තිය අතරින් Nothern Kingdoms වෙතට එන්න දුර්ග මාර්ග කිහිපයක්ම පිහිටලා තියෙනවා. ඒ හරහා තමයි  Nilfgaard සේනාව උතුරු පළාත​ වෙත ඇතුල් වෙන්නේ යුද්ධ කරන්න පසුකාලීනව​.

මේ ප්‍රදේශවල අතීතයෙ ඉඳන්ම ජීවත්වෙලා තියෙන පිරිස් විදිහට සලකන්නේ​ gnomes, dwarves සහ elves. elvesලා මේ කන්ටිනන්ට් එකේ පරණම අය කියන්න හැමවෙලේම උත්සාහ කලත් සැබවින්ම පරණම අය වුණේ gnomesලා. මිනිස්සු මේ කන්ටිනන්ට් එකට එන්න වසර 2500කට කලින් තමයි elvesලා වෙනත් ප්‍රදේශයකින් මේ වෙත ඇවිත් තියෙන්නේ. elvesලට බොහොම දීර්ඝ ජීවිත කාලයක් තිබිලා තියෙනවා. ඒ වගේම ඔවුන් හඳුනාගන්න පහසුව වුනේ උල් වූ දෙකන්. පසුකාලීනව ආව මිනිසුන් එක්ක සහ සම්බන්ධ වෙලා දරුවන් හැදීමට හැකියාවත් ඔවුන්ට තිබිලා තියෙනවා. ඒ දරුවන්ව හැඳින්වූවේ Half elves ලෙසට​.

මිනිසුන් මේ කන්ටිනන්ට් එකට එන්න කලින් ඉඳලම elvesලා මනරම් නගර සහ මාළිගා එහි ඉදිකරන්න සමත් වෙලත් තියෙනවා. මම සටහනේ මුලින්ම සඳහන් කරපු විදිහට Conjunction of SPHERES සිදුවීමෙන් පස්සේ මොන්‍ස්ටර්ස්ලත් මේ කන්ටිනන්ට් එකට පැමිණෙනවා. මේ අතර ඉන්නවා ග්‍රේවියර් සහ වැම්පයර්ස් වගේ මොන්ස්ටර්ස් කණ්ඩායම්. Conjunction of SPHERES නිසා කන්ටිනන්ට් එකේ තවත් බොහොම වැදගත් සිදුවීමක් වෙනවා. ඒ තමයි අලුත් පවර් එකක් විදිහට නැතිනම් ෆෝස් එකක් විදිහට Chaos (මැජික්) නිර්මාණය වීම​. මුල්ම මිනිසුන් කණ්ඩායම කන්ටිනන්ට් එකට පැමිණෙන්නෙත් මේ කියන Conjunction of SPHERES හරහා. විචර් ලෝකය තුළ ෆස්ට් ලෑන්ඩින් කියලත් මේ මිනිසුන්ගේ පැමිණීම හඳුන්වනවා. මිනිසුන් පිරිස නැව් හතරක නැගිලා පොන්ටා කියන ඩෙල්ටා එකෙන් කොන්ටිනන්ට් එකට ආව බව තමයි සඳහන් වෙන්නේ. ෂිප් ඔෆ් අවුට්කාස්ට් කියන නැවෙන් ආපු ජෑන් බෙකර්ස් කියන පුද්ගලයා තමයි මිනිසුන්ගෙන් මුලින්ම chaos හොයා ගන්න සමත්කම් දක්වන්නේ.

මේ විදිහට ආපු මිනිසුන් සහ මම කලින් සඳහන් කරපු එල්ඩර් රේසස් අතර යුද්ධ ඇතිවෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මිනිසුන් සහ elves ලා අතර​. දෙගොල්ලන්ගෙන් වැඩි වාසි තිබිලා තියෙන්නේ මිනිසුන්ට. ඒකට හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඇදුණු යුද්ධ වල ජය පරාජය තීරණය වුණේ දෙපාර්ශවයේ දරුවන් සෑදීමේ වේගය මත වීම​​. elves ලා මේ සාධකයෙදි සෑහෙන පසුපසින් හිටපු නිසා ෆස්ට් ලෑන්ඩින් එකෙන් වසර 500 පමණ යන විට මිනිසුන් කන්ටිනන්ට් එකේ උතුරු දෙසින් තමන්ගේ ජනපද හදන්නත් ඒවා ව්‍යාප්ත කරන්නත් කටයුතු කරනවා. ඒකෙන් elvesලට නැගෙනහිර දිශාවට පසුබසින්න සිද්ධ වෙනවා. මේ විදිහට හැදුණු ජනපද nothern kingdoms බවට පත්වුණා සහ​ redania, temeria, aedirn, kaedwen වශයෙන් හඳුන්වනු ලැබුවා.

Nothern kingdoms විදිහට විශාල භූමි ප්‍රමාණයක් අල්ලා ගැනීමෙන් පස්සේ elves සහ මිනිසුන් අතර යම් සාම ගිවිසුමක් ඇති වෙනවා. නමුත් වසර කිහිපයක ඇවෑමෙන් elves නගරයක් වෙන රොක්මොයින් වෙත මිනිසුන් පහර දීමෙන් දෙවෙනි යුධ ගැටුම වෙතට නිකන්ම මාර්ගය විවර වෙනවා. ඒත් එක්කම​ elvesලා තව තවත් නැගෙනහිර දිශාවට තල්ලු වෙනවා පමණක් නෙවෙයි මේ යුධ ගැටුම් නිසා ඔවුන් විශාල ප්‍රමාණයක් මරණයටත් පත් වනවා. ඒ යුද්ධය අවසානයෙන් පස්සේ තවත් සාම ගිවිසුමක් අත්සන් තැබෙනවා. නමුත් මේ අවස්ථාවේ සාමය බිඳිලා යන්නේ තරුණ එල්වන් වෝරියර් කෙනෙක් වුණු ඒල්‍රෙන් ඇතුළු හමුදාවක් මිනිසුන්ට පහර දීමට යාමෙන්. එම​ ප්‍රහාරය අසාර්ථක වෙනවා විතරක් නෙවෙයි ඔවුන් මිනිසුන් අතින් මරුමුවටත් පත් වෙනවා.

මේ විදිහට elves සහ මිනිසුන් අතර යුද්ධය දිගින් දිගටම ඇදිලා යනවා. නමුත් gnomes හා dwarves සමත් වෙනවා මිනිසුන් එක්කම නගර වල ජීවත් වෙන්න​. හැබැයි ඒ වෙනුවෙන් ඔවුන්ට විශාල ගෙවීමක් සිදු කරන්න වෙනවා. මිනිසුන් නොවුණු නිසාවෙන්ම ඔවුනගෙන් විශාල බද්දක් අයකරගන්න නගරයේ මිනිසුන් කටයුතු කරලා තියෙනවා. මිනිසුන් gnomes හා dwarvesලට සැලකුවේ බොහොම පහත් විදිහට කියන එකත් මෙතැනදී කියන්නම ඕන​. මේ ගැහැට විඳ දරාගෙනම ඔවුන් කොහොම හරි මිනිසුන් එක්කම ජීවත් වෙලා තියෙනවා.

Brotherhood of Sorcerers

සටහනේ මුලදී සඳහන් කරපු chaos හොයා ගත්තු ජෑන් බෙකර්ස් ගැන ඔයාලට මතක ඇති. ඉන් පස්සේ ජියන් බෙරිස්ටර් සහ ජෙෆ්‍රි මොන්ක් යන දෙදෙනාත් ඔහුට එකතු වෙනවා. මේ තුන් දෙනාගේ එකතුවෙන් තමයි Brotherhood of Sorcerers නිර්මාණය වෙන්නේ. ඔවුනගේ මූලස්ථානය ඉදි වෙන්නේ මිල්ත් වල​. එහි සිට ඔවුන් විසින් අලුත් sorcerersලාව පුහුණු කරනු ලැබුවා. මෙහෙම බිහිවුණ සෝසරස් ලා සියල්ලන්ම පාහේ එහි සාමාජිකයන් වුණා. සෝසරස්ලා ලොක්මුයින් වල සිටපු elvesලා සමග ඉතාම හොඳ සබඳතාවයක් වර්ධනය කරගත්ත නිසාම පළමු එල්වන් යුද්ධයට සම්බන්ධ වෙන්නේ නැහැ. සෝසර්ස්ලට (මේජර්ස්) chaos force එක භාවිත කරලා එක එක ආකාරයේ මැජිකල් දේවල් කරන්න පුලුවන්කම තිබිලා තියෙනවා. මේ හින්දම ඔවුන්ගේ ජීවිත කාලයත් ඉතාම දීර්ඝ එකක් කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණා.

මැජික් සම්බන්ධ සියලුම දේවල් පාලනය කෙරුණේ මේ කියන Brotherhood එක විසින්. ඇරටූසා වගේ මැජික් ඇකඩමීස් පවා ප්‍රධාන වශයෙන් පාලනය වුණේ මේ හරහායි. Brotherhood එක බිඳ වැටුණා කියල කියන්නේ 1267 වර්ෂයේ දී තෙනට් කූප් නමින් හඳුන්වන මේජර්ස්ලගේ කැරැල්ලක් නිසා. ඇරටූසා පිහිටලා තිබුණු තැනට් දිවයිනේ සාමාන්‍ය රැස්වීමක් විදිහට ආරම්භ උනත් මොවුන් ඉඳලා තියෙන්නේ දෙකට බෙදිලා, එක කොටසක් නදර්න් කින්ඩම්ස් වලටත් අනෙත් කොටස නිල්ෆ් ගාඩ් හමුදාවටත් උදව් කරන අය විදිහට​. මෙතැනදී මැජික් වලින් දරුණු යුද්ධයක් ඇතිවීමත් එක්ක Brotherhood of Sorcerers සම්පූර්ණයෙන්ම විසිරුවා හැරෙනවා.

Creation of Witchers

මිනිසුන් කන්ටිනන්ට් එකේ උතුරින් ස්ථාවර වෙනකොට මම මුලින්ම සඳහන් කරපු Conjunction of SPHERES හරහා ආව මොන්ස්ටර්ස්ලගෙන් ඔවුනට සෑහෙන කරදර සිදුවෙන්න පටන් ගත්තා. උතුරේ පාලකයින් විසින් තමන්ගෙ මේජ්ස්ලට මේ වැඩේ බාරදෙනවා මොන්‍ස්ටර්ස්ලගේ කරදර වලට විසඳුමක් හොයන්න කියලා. මෙන්න මේ විදිහටයි පළවෙනි විචර්ව බිහිවෙන්නේ රයිස්බර්ග් කියන විවිධ අත්හදා බැලීම් සිදු කරපු මාළිගයේදී. හැබැයි මෙහෙම බිහි කරපු විචර්ස්ලට පාලකයන් හිතපු තරම් බලයන් හිමිවුණේ නැහැ. මේ නිසාම ඔවුන් පාලකයන් බලාපොරොත්තු වුණු දේ කරන්න අසමත් පිරිසක් වශයෙන් කාසල් එකෙන් නෙරපලා දමනවා. කොහොම උනත් මේජර්ස්ලා මේ වැඩේ අතහැර දැම්මේ නැහැ. පසුකාලීනව ගත්තම වෙන වෙනම විචර් පාසල් හයක් බිහි වෙලා තියෙනවා. කොන්ටිනන්ට් එක හයක් විදිහට බෙදලා ඒ පළාත් හයේ තමයි මේ විචර් ස්කූල් නිර්මාණය වෙන්නේ. මේකෙන් පස්සේ Golden age of witchers ආරම්භ වෙනවා. මේ කාලය ඇතුලත විචර්ස්ලා සෑහෙන සාර්ථකත්වයක් ළගා කරගන්නවා විතරක් නෙවෙයි ඔවුන් සමත් වෙනවා විශාල මොන්ස්ටර්ස්ලා පිරිසක් මරා දමන්නත්.

මේ විදිහට මොන්ස්ටර්ස්ලා ක්‍රමයෙන් විනාශ වෙලා ගියාට පස්සේ nothern kingdoms වල තිබුණු පල්ලි වල උපක්‍රම හරහාත් පාලකයන්ගේ යම් යම් දේශපාලනික ප්‍රශ්ණ හරහාත් විචර්ස්ලාව සාමාන්‍ය ජනතාවට අප්‍රසන්න කරවීමේ මෙහෙයුමක් ඇරඹුණා. මෙහෙයුම සාර්ථක වීමත් එක්කම විචර්ස්ලාව මොන්ස්ටර්ස් කණ්ඩායමක් විදිහට දකින්න මිනිසුන් පටන් ගන්නවා. තත්වය කෙතරම් උග්‍ර වුණා ද කියනවනම් විචර් පාසල් පහක් බිඳ වැටීමත් බොහෝ විචර්ස්ලා පිරිසක් ඝාතනය වීමත් සිද්ධ වෙනවා.

Nothern War

පළවෙනි Nothern War එක ඇති වෙන්නේ 1262-1263 අතර​. ඒ නිල්ෆ් ගාඩ් සේනාව සිල්ට්‍රා ආක්‍රමණය කිරීමත් සමග​. ඔවුන් ඇමෙල් කඳු පන්තිය හරහා ඇවිත් මානඩෙල් වලදී සිල්ට්‍රා හමුදාවත් එක්ක සටන් කරනවා. මේ සටනින් සිල්ට්‍රන්ස්ලා පරදිනවා වගේම රජු වූ ඒස් ත්‍රූ සේ මිය යනවා. මේ ආක්‍රමණයට නිල්ෆ් ගාඩ් අධිරාජ්‍යයා වුණු Emhyr var Emreis ගේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. එතැනින් නොනැවතුණු නිල්ෆ් ගාඩ් හමුදාව සින්ට්‍රා සම්පූර්ණ නගරයම ගිනිබත් කරලා විනාශ කරලා දමනවා. හිටපු සියලුම දෙනාවත් සමූල ඝාතනය කරනවා.

Emhyr var Emreis

මෙන්න මේ අවස්ථාවෙදි තමයි අපි පළවන එපිසෝඩ් එකේ දකින Queen Calanthe නැතිනම් Lioness of Cintra සියදිවි හානි කරගන්නවා පෙනෙන්නේ. මේ යුද්ධය සොඩ්න් කියන කලාපය දක්වාම ව්‍යාප්ත කරන්න නිල්ෆ් ගාඩ් හමුදාව සමත් වුණත් ලෝවර් සෝඩ්න් වලදී  redania, temeria, aedirn සහ​ kaedwen රාජධානි වල හමුදා දරුණු යුද්ධයකට පසුව නිල්ෆ් ගාඩ් හමුදාව පරාජය කරනවා. ඉන්පසුව නිල්ෆ් ගාඩ් සහ නදර්න් හමුදාවන් යම් එකගතාවයකට ඇවිල්ලා ඔවුන් අල්ලා ගත් සිල්ට්‍රා සහ අපර් සොඩ්න් කියන ප්‍රදේශයන් ඔවුන් වෙතම රඳවා ගන්නවා. ඉතින් මේ විදිහට nothern war 2 සහ​ 3 දක්වාම දෙපිරිසේ යුද්ධය දිව යනවා. elvesලගෙනුත් යම් පිරිසක් නිල්ෆ් ගාඩ් වෙත සහය දෙන්න කටයුතු කරනවා. මෙතැනින් එහාට නම් කියන්න තියෙන්නේ ටීවී සීරියස් එක බලල නැත්නම් බලන්න පටන් ගන්න කියන කාරණාව​..

Netflix හරහා තිරගත වන විචර් කතා මාලාවේ මේ වෙද්දී සීසන් තුනක්ම එළිදක්වලා හමාරයි. Henry Cavill, Freya Allan සහ​ Anya Chalotra තමයි ප්‍රධාන චරිත ත්‍රිත්වයට දායකත්වය දෙන්නේ. Primetime Emmys තුනකට මේ වෙද්දී නිර්දේශ වෙලා තිබෙනවා වගේම ජයග්‍රහණ හයක් ලබාගන්නත් විචර් සමත්වෙලා තියෙනවා. IMDB ශ්‍රේණිගත කිරීම් වල ඉන්නේ 8.0/10 වැනි ඉහළම අගයක​. Episode 08 බැගින් තමයි සීසන්ස් වෙන් වෙලා තියෙන්නේ. Adventure / Actions වලට ප්‍රිය කරන ඔයාලට The Witcher කියන්නේ වඩා හොඳ TV Series එකක් වන බව නම් නොඅනුමානයි.

The Witcher (TV Series 2019– ) ⭐ 8.0 | Action, Adventure, Drama
1h | A

එහෙමනම් තවත් දවසක රසබර නිර්මාණයකින් හමුවෙමු.

Latest