2023 වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පවසයි.
සභාපති වරයා විසින් පෙන්වා දෙන්නේ , 2023 පසුගිය ජනවාරි පළමු වැනි දින සිට ජුලි 31 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 5,456ක් පමණ දිවයින පුරා පිහිටි ළමාරක්ෂණ අධිකාරී කාර්යාලයන් වෙතට ලැබී ඇති බවය.
එහිදී ළමුන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,296ක්, බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 163ක්, බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම් සම්බන්ධව පැමිණිලි 242ක් ලැබී තිබෙන අතරදම ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ද පැමිණිලි 196ක් ලැබී ඇති බවද උදය කුමාර අමරසිංහ මහතා පෙන්වා දෙයි.
මෙලෙස ලැබී ඇති පැමිණිළි වලට අනුව කුඩා ළමුන් සිඟමනේ යෙදවීම පිළිබඳව අවධානයට යොමු කිරීමේදී වැඩි වශයෙන් ළමුන් සිඟමනට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි කොළඹ සහ නාගරික තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතරම විශේෂයෙන් ආලෝක සංඥා පුවරු, සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිත සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් ළමුන් සිඟමෙනේ යෙදවීම් බහුලව සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය
මේ අතර සමාජ මාධ්‍ය භාවිතය සහ සයිබර් අවකාශය තුළ ළමුන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන්ද පැමිණිලි 110ක් ලැබී ඇති බවටත් එහිදි ගැහැණු ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 76ක් ද පිරිමි ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 31ක් ද ලැබී ඇති බව සඳහන් වෙයි.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මේ වන විටත් පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.
මේ අතර ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම අධිකාරිය සකස් කර ඇති ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා සකස් කළ පස් අවුරුදු ජාතික සැලැස්ම සැප්තැම්බර් මාසය තුළ දී කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත .