Skip to content

වෙසක් කලාපය සුළගේ ගිහිං...!

ධාරානිපාත වැසි ඇද හැලීම නිසා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තේ සංවිධානය කර ඇති වෙසක් කූඩු ප්‍රදර්ශණයට බාධාවන් එල්ලවී ඇත.

මෙවර රාජ්‍ය උත්සවය හලාවත - කබැල්ලෑවල පිහිටි රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ.

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් කූඩු තරගයක් සහ ප්‍රදර්ශණයක්ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇත.ඒ අනුව රාජ්‍ය ආයතන,පාසල් සහ විවිධ පුද්ගලයින්ද වෙසක් කූඩු තරගය සදහා තම නිර්මාණ ඉදිරිපත් කර ඇත.වෙසක් කූඩු ප්‍රදර්ශණය පැවැත්වෙන්නේද රතනසිරි පිරිවෙන් විහාරස්ථානයට ආසන්න භූමියකය.

04 වැනිදා සවස හලාවත ප්‍රදේශයට ධාරාණිපාත වැසි ඇද හැලෙන්නට විය.වැසි සමග ඇතිවූ සැළග හේතුවෙන් ප්‍රදර්ශණය සහ තරගය සදහා ඉදිරිපත් කර තිබූ වෙසක් කූඩු රැසකට හානි සිදුවී ඇත.වෙසක් කූඩු ප්‍රදර්ශණය සහ තරගය පැවැත්වෙන් භූමියේ කොටසක් ජලයෙන් යටවී ඇති බවක්ද දක්නට ඇත.තව දුරටත් ප්‍රදේශයට වැසි සහ සුළං පැවතියහොත්  වෙසක් කූඩු ප්‍රදර්ශණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ඒ සදහා නිර්මාණ ඉදිරිපත් කර ඇති නිර්මාණකරුවන් සදහන් කරයි.

0:00
/

Latest