Skip to content

"පාස්කු ප්‍රහාරයට මම වගකිව යුතු නැත. මං මොකට ද වග කියන්නේ, ජනතාව අපිට ඡන්දය ලබා දුන් නිසා මේ ආර්ථික අර්බුදයට ඔවුනුත් වගකිව යුතුයි, මට ඉංග්‍රීසිත් බෑ. ජාත්‍යන්තරත් බෑ. මේක ඉවරවෙනක් මං පාර්ලිමේන්තු එන්නෙත් නෑ"

ඒ ශ්‍රී ලංකාවේ ඉහළ ස්ථරයේ සිට පහළ ස්ථරය දක්වා නායකයින් වශයෙන් හඳුන්වන පිරිස යම් යම් අවස්ථාවලදී සිදුකරන ලද ප්‍රකාශ කිහිපයකි. එමෙන්ම සිය දූරය අතහැර පලා ගිය නායකයෙකු  ද අපට සිටියහ. මේ කරුණු පසුබිමෙහි තබා ගනිමින් ප්‍රධාන මාතෘකාවට පිවිසෙමු.

අබ්දුල් කලාම්

1931 ඔක්තෝබර් මස 15 වන දින ඉන්දියාවේ රාමේෂ්වරම්හී උපත ලද සහ 2015 වර්ෂයේ ජූලි 27 වන දින මියගිය සහ 2002 වසරේ සිට 2007 වර්ෂය දක්වා ඉන්දියාවේ ජනාධිපති දූරය හෙබ වූ අබ්දුල් කලාම් පිළිබඳව අමුතුවෙන් සඳහනක් කිරීම අවශ්‍ය නැත.

එම නිසා මෙහිදී වැදගත් වන්නේ බොහෝ අවස්ථාවලදී ඔහු සඳහන් කෙරූ ඒ කතා ප්‍රවෘත්තියයි. එසේ වැදගත් වීමට හේතුව ද වන්නේ එමගින් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට ගත හැකි ආදර්ශ බොහොමයක් පවතින බැවිනි. තමන් කවුරුන්ද යැයි නැවත වතාවක් සිතා බැලීමට එය උපස්ථම්භක වන බැවිනි. එපමණක් ද නොව එම ප්‍රකාශය හරහා අපට ද අපගේ ජීවිතයට ගත හැකි ආදර්ශ බොහොමයක් ද පවතින බැවිනි.

අබ්දුල් කලාම් කියන ඒ කතාවයි මේ

"1979 අපි යවපු පාලවෙනි සැටලයිට් එකේ මම තමයි මෙහෙයුම් ඩිරෙක්ටර් වෙලා හිටියේ. අපේ ජොබ් එක වුනේ සැටලයිට් එක කක්ෂගත කරන එක. මින්සු දාහක් විතර අවුරුදු දහයක් වැඩ කලා. ඉතිං ඉන්න ඔක්කොම ලෑස්තිකරගෙන දැන් සැටලයිට් එක උඩ යවන්න ලෑස්තියි.

ඔන්න දැන් වෙලාව වැටෙනව ටික ටික, පහ, හතර, තුන, දෙක, එකපාරටම කම්පියුටර් එකෙන් මැසේජ් එකක් මතු වුනා යවන්න එපා කියලා. දැන් මමයි ලොක්ක. මම තමයි තීරණය කරන්න ඕන මොකක් ද කරන්න ඕන කියලා. මගේ පිටිපස්සෙ එක්ස්පර්ට්ල හය දෙනෙක් ඉන්නවා.

ඒ ගොල්ලොත් මේක දැක්කා, යවන්න එපා කියන මැසේජ් එක. වැඩේ අවුලක් තියනව කියල අඳුනගත්ත. පාලන පද්ධතියේ ලීක් එකක්. ඒත් අපි ගණන් හදල බැලුව. අවුලක් නෑ වගේ. තෙල් සහ ඔක්සිජන් ඇතිවෙන්න තිබුණා. ඉතිං අපි තීරණය කලා වැඩේ නොනවත්වා කරගෙන යන්න. එතනදි මම තමයි අන්තිම තීරණය ගත්තේ. කම්පියුටරේ අමතක කරල මම තීරණය කලා සැටලයිට් එක යවන්න.

ඔන්න සැටලයිට් එක උඩ යන්න ගත්තා. ටිකක් වෙලා යනකොට වැඩේ ගැස්සුනා. කක්ෂයට යන්න ගිය එක අන්තිමට නතර වුනේ බෙංගාල බොක්කේ. ඉතිං 1979 වැඩේ අසාර්ථක වුනා. මම ඒ පලවෙනි පාරට ජීවිතේ අසාර්ථක වුනේ. සාර්ථකත්වය දරාගන්න ලේසියි. අසාර්ථකත්වය දරා ගන්නත් පුරුදු වුණා. ඉතිං ඒ දවස්වල අපිට හිටියා වටිනා නායකයෙක් ඔහු මහාචාර්ය සතීෂ් ධවාන්

මහාචාර්ය සතීෂ් ධවාන්

ඔහු මගේ ළඟට ආවා. මම සෑහෙන්න මහන්සිවෙලා හිටියෙ මාස ගාණක්. ඔහු කිව්ව අපි යමු මීඩියා නිවේදනයක් දෙන්න කියලා. ඔන්න දැං සෑහෙන්න පිරිසක් ලෑස්තිවෙලා ඉන්නවා කැමරා ලෑස්තිකරගෙන. මම බය වුනා දැං මේ වැරැද්දට මාව අහුවෙයි කියලා. ඒත් අපේ ආයතනයේ ලොක්ක මහාචාර්ය සතීෂ් ධවාන් මොකක් ද දන්නවද කිව්වෙ. මිතුරනි. අපි අද ෆේල් වුනා. මේ පළවෙනි පාර. අපි ආය දවසක සාර්ථක වේවි.

අද ෆේල් වුනත් මම අපේ මේ කණ්ඩායමට ස්තූතිය පුද කරනවා. ඊ ළඟ පාර ඔවුන් සාර්ථක වේවි. ඔහු මුළු වගකීම තමන්ට ගත්තා. මං බේරුණා. එතකොට මීඩියා වලින් කියන්න ගත්තා කෝටි ගණනක් නිකරුණේ බෙංගාල බොක්කට දැම්ම කියලා. ඔහු ඒ බැනුම් සියල්ල බාර ගත්තා.

ඊට පස්සේ ඊ ළඟ අවුරුද්දෙ අපි ආයෙත් වැඩේ සාර්ථක කරගන්න වැඩ කලා. ඊ ළඟ අවුරුද්දෙ ඒ කියන්නෙ 1980 දි වැඩේ ගොඩ ගියා. අපි සැටලයිට් එක සාර්ථකව කක්ෂගත කලා. ඊට පස්සෙ මහාචාර්ය ධවාන් මට කිව්ව මීඩියාවලට ගිහිං කියන්න කියලා. ඔබට තේරුණාද ඒකෙ වෙනස. වැඩේ ෆේල් වුන වෙලාවේ වගකීම බාරගත්තේ මහාචාර්ය ධවාන්. නමුත් වැඩේ සාර්ථකවුන වෙලාවේ ඒකේ ආඩම්බරය ඔහු බාර දුන්නේ ඔහුගේ කණ්ඩායමට

අන්න නායකයෝ
ඒ තමයි නායකයෝ "

උගතුන්, බුද්ධිමතුන්ට වඩා අපට අවශ්‍ය නායකයන්
2023 පළාත් පාලන මැතිවරණ කතා බහ අතර බල දේශපාලනය තුළ බලය හුවමාරුවීම සාමාන්‍යය ස්වාභාවයෙන් ඔබ්බට යෑම, ශ්‍රී ලංකාවේ මෙම මැතිවරණය හැරවුම් ලක්

Latest