සෙල් ගෑස් මිල ගණන් පහල යාමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිලද පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා..
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු ඇති අතර එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,690ක්.
මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දැමෙනු ඇති.
එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,476ක් වශයෙනි.
එමෙන්ම පසුගිය 04 වනදා සිට ලිට්‍රෝ ගෑස් මිලද සැලකිය යුතු මිලකින් අඩුකල අතර එහිදී ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2,982 ක් වන බවටයි.
කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.