Skip to content

LPL තරගාවලියට තවත් විදෙස් තරු රැසක්!

2023 ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා කොළඹ සහ මහනුවරදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) සිව්වැනි අදියරට සහභාගිවීම සඳහා තවත් විදේශීය ක්‍රීඩකයින් විස්සක වඩා ලියාපදිංචි වී ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) අද නිවේදනය කළේය.

ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මැයි 15 වැනි දිනටත් ක්‍රීඩකයන් තෝරාගැනීම සජීවි විකාශයක් ලෙස ජුනි 4 වැනිදා කොළඹදීත් පැවැත්වීමට නියමිතය.

දැනටමත් කණ්ඩායම් සමග ගිවිසුම්ගතව ඇති විදෙස් ක්‍රීඩකයින් ගණන 30කි.

කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් පහක් තරගාවලියට එක්වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙක් ක්‍රීඩා කළ හැක.

ලීග් අදියරේදී කණ්ඩායම් පහ එකිනෙකා සමඟ දෙවරක් තරග කරනු ඇති අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින් සිටින කණ්ඩායම් හතර පිළිමළුන් පිටු දැකීමේ(Play offs) වටයට පිවිසෙනු ඇත.

සිව්වැනි අදියර සඳහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින්.

ඕස්ට්‍රේලියාව: ෂෝන් මාෂ්, මැතිව් වේඩ්, ඩාර්සි ෂෝර්ට් සහ උස්මාන් කවාජා
දකුණු අප්‍රිකාව: ලුංගි න්ගිඩි, ඉම්රාන් තාහිර් සහ තබ්රයිෂ් සම්ශි
පකිස්ථානය: මුහම්මද් නවාස්, නසීම් ෂා සහ වහබ් රියාස්
බංග්ලාදේශය: ෂකීබ් අල් හසන්, ලිටන් දාස් සහ අෆිෆ් හොසේන්
අයර්ලන්තය: පෝල් ස්ටර්ලින්
බටහිර ඉන්දීය කොදෙව්: ජොන්සන් චාල්ස්, ඈෂ්ලි නර්ස්, ඩ්වේන් බ්‍රාවෝ සහ කීරන් පොලාඩ්
නවසීලන්තය: මිචෙල් සැට්නර්, ඉෂ් සෝධි, ටිම් සෙයිෆර්ට්, ඩැරිල් මිෂෙල් සහ ඩග් බ්‍රේස්වෙල්
නැමීබියාව: ගර්හාඩ් එරස්මස්

දැනට තරගාවලියේ කණ්ඩායම් සමග ගිවිසුම්ගතව ඇති විදෙස් ක්‍රීඩකයින්

Jaffna Kings
ජිමී නීෂම් (නවසීලන්තය), ටොම් කෝලර්-කැඩ්මෝර් (එංගලන්තය), ෂොහිබ් මලික් (පකිස්තානය), ජේම්ස් ෆුලර් (නවසීලන්තය), රහ්මඅනුල්ලා ගුරුබාෂ්(ඇෆ්ඝනිස්තානය), වකාර් සලාම්කේල් (ඇෆ්ඝනිස්තානය)

Galle Gladiators
ඉමාඩ් වසීම් (පකිස්ථානය), ඉෆ්තිකාර් අහමඩ් (පකිස්ථානය), මොහොමඩ් හස්නයින් (පකිස්ථානය), සර්ෆ්රාස් අහමඩ් (පකිස්ථානය), අසාම් ඛාන් (පකිස්ථානය), අන්වර් අලි (පකිස්ථානය)

Dambulla Aura
සිකන්දර් රාසා (සිම්බාබ්වේ), නූර් අහමඩ් (ඇෆ්ගනිස්ථානය), ටොම් අබෙල් (එංගලන්තය), ජෝර්ඩ්න් කොක්ස් (එංගලන්තය), හයිඩර් අලි (පකිස්ථානය), පෝල් වොන් මීකරන් (නෙදර්ලන්තය)

Colombo Stars
බෙනී හොවෙල් (එංගලන්තය), රොමාරියෝ ෂෙපර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්), ඩොමිනික් ඩ්‍රේක්ස් (බටහිර ඉන්දීය කොදෙව්), රවී බොපාරා (එංගලන්තය), නවීන් උල් හක් (ඇෆ්ගනිස්ථානය), කරීම් ජනත් (ඇෆ්ගනිස්ථානය)

Kandy Falcons
කාලෝස් බ්‍රැත්වේට් (බටහිර ඉන්දීය කොදෙව්), ෆේබියන් ඇලන් (බටහිර ඉන්දීය කොදෙව්), ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් (බටහිර ඉන්දීය කොදෙව්), ඔෂාන් තෝමස් (බටහිර ඉන්දීය කොදෙව්), නජිබුල්ලා සද්‍රාන් (ඇෆ්ගනිස්තානය)

- වරුණ සුදන්ත හේරත්

Latest