Skip to content

කටුනායකට ගුවනින් පැමිණිමට සිටි මගීහු හත්සීයක් හදිස්සියේ මත්තල සිට ලේලන්ඩ් බස් වලින් කටුනායකට..

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ඊයේ (4) රාත්‍රී 10.30ට පමණ පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ul605 දරන ගුවන් යානය හදිසි තත්ත්වයක් යැයි කියමින් කටුනායක ගුවන්තොටුපල ට ඇතුළත් කර නොගෙන මත්තල ගුවන් තොටුපල වෙත හරවා යැවීම හේතුවෙන් එම ගුවන් යානයේ හි පැමිණි දේශීය හා විදේශීය ගුවන් මඟීන් හත් සීයකට (700) ආසන්න ප්‍රමාණයක්  පැය 8 කට අධික කාලයක් තිස්සේ දැඩි අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ.

අදාළ ගුවන් යානයේ හි දේශීය මඟීහු මෙන්ම ඉන්දියාව නවසීලන්තය ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය ආදී විදේශීය රටවලට අයත් විශාල පිරිසක් ද සිට ඇති අතර ඔවුහූ බොහෝ දෙනකු කටුනායක ගුවන් තොටුපොළින් වෙනත් ගුවන් යානා සඳහා මාරු වීමට පැමිණි අයවලුන් බවද කියති.

මෙසේ කටුනායකින් ආපසු හරවා යැවුණු ගුවන් යානය රාත්‍රී 11 ට පමණ මත්තල ගුවන් තොටුපල වෙත ළඟා වුවද අද (5) පෙරවරුව වනතෙක් එහි සිටි ගුවන් මගීහූ ගුවන් යානය තුළම රඳවා තබා ගැනීමට ගුවන් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ. කාර්‍ය්‍ය මංඩලය පවසා ඇත්තේ තත්ත්වය සමථයකට පත්වූ වහාම වෙනත් ගුවන් යානයකින් නැවත ඔවුහු කටුනායකට පිටත් කර හරින බවයි.
එහෙත් ඉන් අනතුව අද පෙරවරු 8.00 ට පමණ නැවත ගුවන් යානා කාර්ය් මණ්ඩලය මගින් වෙත පවසා ඇත්තේ තමන්ට නියමිත ගුවන් කාලය අවසන් වූ බැවින් මින් ඉදිරියට තමන්ට මේ සඳහා මැදිහත් විය නොහැකි බවයි.
අදාල තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නිසි වැඩ වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් තමන් මෙසේ දැඩි  අසීරුතාවයකට පත් වූ බව පවසන එම ගුවන් මගීහු  සමාගම වෙත තමන්ගේ දැඩි අප්‍රසාදය  පළ කරන බවත්  දන්වා තිබේ.

තමන් ගුවන් තොටුපලෙහි ප්‍රමාද වන කාලය පිළිබඳව හෝ පත්ව ඇති අපහසුතාව පිළිබඳව කිසිදු සහනයක් දීමට හෝ ඊට අදාළ රාජකාරියක් කිරීම්ට ගුවන් සමාගම කටයුතු නොකල බවත් ඔවුහු පෙන්වා දෙති.  කෙසේ හෝ ඊයේ පෙරවරු නමයට පමණ කිසියම් පිරිසකගේ මැදිහත්වීමෙන් සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථ යොදා ගනිමින් මෙම ගුවන් මගීින් පිරිස නැවත කටුනායකට රැගෙන ඒමට කටයුතු යොදා තිබිණි.

audio-thumbnail
AUD 20230505 WA0035
0:00
/2:59

Latest