Skip to content

කොරමැන්ඩල් එක්ස්ප්‍රස් අනතුරේ මියගිය ගනන 270 දක්වා ඉහලට..

ඉන්දියාවේදී පෙරෙදා රාත්‍රී සිදු වූ දුම්රිය අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 270ක් දක්වා ඉහල ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදු වූ ස්ථානයට ගොස් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිදුවන ගලවා ගැනීමේ සහ සහන සේවා කටයුතු පිළිබඳ සොයා බැලීය.

වසර 20කට පසු ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බවද කියති.

චෙන්නායි මධ්‍යම කොරමන්ඩල් සීඝ්‍රගාමී දුම්රිය චෙන්නායි දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම බිහිසුණ අනතුර සිදුව ඇති අතර එය යාබද දුම්රිය මාර්ගයේ භාණ්ඩ දුම්රියක ගැටීමෙන් කොරොමැන්ඩල් එක්ස්ප්‍රස් රථයේ පසුපස මැදිරිය තුන්වන මාර්ගයට පැන ඇත. දුම්රිය ගැටී ඇති වේගය නිසා දුම්රිය මැදිරි කිහිපයක් පොඩි වී විකෘති වී තිබේ.

Latest