Skip to content

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කෑගල්ල පොලීසියෙන් පියවර ගනී

කොළඹ මහනුවර මාර්ගයේ  කෑගල්ල විකල්ප මාර්ගයේ ඇති කඳු කොටසේ ඉහල ඇති විශාල ගලක් මහා මාර්ගයට පෙරලීමේ අවදාමක්  ඇතිව ඇති බැවින් එම මාර්ගය අද 29 සවස 5.00 සිට වසා දැමීමට පියවර ගත්බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක චමිල මහතා පවසයි.

මෙම මාර්ගයේ දකුණුපස ඇති කඳු මුදුනේ ඇති විශාල ගලක් පවතින අධික වර්ෂාව නිසා පගලට පෙරලීමේ අවදානමක් පවතින බැවින් එම ගල ඉවත් කරන තුරු විකල්ප මාර්ගය වසා දැමීමය පියවර ගත් බවද සහකාර අධ්‍යක්ෂක වරයා ප්‍රකාශ කලේය

මේ අනුව කොළඹ නුවර මාර්ගයේ රථවාහන භාවිතා කරන්නන් නගර හරහා පමණක් භාවිතා කරන මෙන් පොලීසිය ඉල්ලීමක් කරයි

Latest