Skip to content

කොළඹ මූල්‍ය නගරයේ පළමු ආයෝජකයාගෙන් මැණික් කෞතුකාගාරයක්..

කොළඹ මූල්‍ය නගරය (Colombo Financial City) ලෙස යළිත් නම් කිරීමෙන් පසුව එහි ප්‍රථම ආයෝජකයන් ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයෝ සිව් දෙනෙක් දිවයිනට පැමිණ ඇත.

කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක්, එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීම ඔවුන්ගේ සැළසුම වී තිබේ.

ඊට අමතරව ඔවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පසුගියදා චීනයේ සිදු කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කර ගත් එකගතා සහ ගිවිසුමකට අනුව මෙම ආයෝජකයන් පැමිණ තිබේ.

ඒ අනුව චීන අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art (Beijin) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී (SophiaLi) ඇතුළු තවත් තිදෙනෙකු මෙසේ දිවයිනට පැමිණි පිරිසට අයත් වෙති.

Latest