Skip to content

කොකා කෝලා ආයතනය විසින් නත්තල් සීයා පැහැර ගත් ආකාරය

1920 ගණන්වල දී කොකා කෝලා ආයතනය හට විශාල ගැටලුවක් ඇති විය. මිනිසුන් බොහෝ විට ඔවුන්ගේ නිෂ්පාදනය ගිම්හානයේ දී ශරීරය ප්‍රබෝධමත් කිරීම සඳහා යොදා ගන්නා පානයක් ලෙස සැලකූ නිසා ශීත ඍතුවේ දී කෝකා කෝලා පානයේ විකුණුම් සාමාන්‍යයෙන් සැලකිය යුතු ලෙස පහත වැටීම සිදු විය.

එබැවින් ශීත ඍතුවේ දී එහි අලෙවිය වැඩි දියුණු කිරීම සඳහා කොකා කෝලා ආයතන හට මගක් අවශ්‍ය විය. නමුත් තම නිෂ්පාදනය පිළිබඳ මිනිසුන්ගේ අදහස වෙනස් කිරීමට වැඩි වෙළද දැන්වීම් ප්‍රමාණයක් ප්‍රචාරණය පමණක් ප්‍රමාණවත් නො වීම නිසා කොකාකෝලා පානය සහ ශීත ඍතුව පිළිබඳ පාරිභෝගික සිත් තුළ ගැඹුරු, දිගු කාලීන සම්බන්ධතාවක් ඇති කරන යමක් ඔවුන්ට අවශ්‍ය විය.

ඉතින් ශීත කාලය තුල බොහෝ දෙනා කැමති ම කොටස කුමක් ද?

" නත්තල "

ඇත්ත වශයෙන් ම බොහෝ දෙනෙකුට එය මුළු අවුරුද්දේ ම ඇති ප්‍රීතිමත්කාලයයි. කොකා කෝලා ආයතනය සෑම විටම උත්සහ කෙරුවේ තමා සමඟ සමග සම්බන්ධ වූ සෑම දෙයක් ම එකමුතු කම සහ ප්‍රීතියෙන් පිරුණු කාලයක් යන සංකල්ප සමග එකතු කිරීමට ය. කුමක් නිසා ද පැසවුවොත්, 1800 ගණන්වල අගභාගයේ දී කොකා කෝලා ආයතනය ප්‍රථම වරට ආරම්භ වූ දා සිට ඔවුන්ගේ සාර්ථකත්වය සෑම විටම එක් සරල දෙයක් මත ගොඩනගා ඇත.

ඔවුන් ඔබට ඔවුන්ගේ නිෂ්පාදනය හෝ එහි රසය විකුණන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කොකා කෝලා පානය කිරීම සමඟ ඇති වන සතුටේ හැඟීම ඔබට විකිණීමට උත්සාහ කෙරුවේ ය. එබැවින් නත්තලට කොකා කෝලා පානය සම්බන්ධ කිරීම ශුද්ධ වූ ක්‍රියාවක් වනු ඇති බවට කොකා කෝලා ආයතනය විසින් තීරණය කෙරුවේ ය.

ඉතින් කොකා කෝලා ආයතනය විසින් නත්තල සඳහා ඔවුන් ව සම්බන්ධ කර ගත හැකි මාර්ගයක් පිළිබඳ සිතන විට ඔවුන්ට මෙවැනි අදහසක් පල විය.

" මේ සඳහා නත්තල් සීයාගේ ආදරණීය රූපය හැර වෙනත් හොඳ මාර්ගය කුමක් ද? "

වර්තමානයේ මෙය ඕනෑම කෙනෙකුට යොදා ගත හැකි පැහැදිලි උපාය මාර්ගයක් ලෙස පෙනුනත් කොකා කෝලා තරම් නත්තලට කිසිම ආකාරයකින් සම්බන්ධ වන වෙනත් නිෂ්පාදනයක් සහජයෙන් ම කිසිවෙක් තුල හට ගන්නේ නැති බව නොමැති බව මතක තබා ගන්න. නත්තල සමඟ වැඩිපුර ම සම්බන්ධ වන්නේ කුමන වෙළඳ නාමය දැයි ඔබ යමකුගෙන් ඇසුවොත් බොහෝ අය කොකා කෝලා යැයි කියනු ඇත.

ඉතින් කොහොමද කොකා කෝලා පානය සහ නත්තල් සීයා මේ තැනට ආවේ?

කෝකා කෝලා විසින් 1920 ගණන්වල විවිධ නත්තල් දැන්වීම් කිහිපයක් පල කෙරුව ද ඔවුන්ගේ සාර්ථක ඉදිරි ගමන පැමිණියේ 1931 දී කෝකා කෝලා බෝතලයක් අතේ තියා ගෙන සිටින නත්තල් සීයාගේ රූපයක් නිර්මාණයක් හැඩන් සන්ඩ්බ්ලොම් නම් චිත්‍ර අදින්නෙකු විසින් නිර්මාණය කල පසු ය.

අද අපි දන්නා පරිදි නවීන නත්තල් සීයාගේ රූපය නිර්මාණය කළේ කොකා කෝලා ආයතනය විසින් බව ඔබ අසා ඇත. එසේත් නැතිනම් නත්තල් සීයාගේ ඇඳුමේ වර්ණය ඔවුන්ගේ වෙළඳ නාමයට ගැළපෙන පරිදි රතු සහ සුදු ලෙස වෙනස් කිරීමට කොකා කෝලා ආයතනය වගකිය යුතු බව ඔබ අසා ඇත.

නමුත් මේ කිසිවක් සත්‍ය නොවේ.

අද අප දන්නා නත්තල් සීයාගේ රූපය වන රතු සහ සුදු ඇඳුම, සුදු රැවුල සහ රෝස පැහැති කම්මුල් සහිත ජොලි මහත පුද්ගලයා කොකා කෝලා විසින් ඔවුන්ගේ දැන්වීම්වලට ඇතුළත් කිරීමට බොහෝ කලකට පෙර පැවතුණු රූපයකි. ඇත්ත වශයෙන් ම කොකා කෝලා ආයතනයේ නත්තල් සීයාගෙ වෙළඳ දැන්වීම නිර්මාණය කෙරූ චිත්‍ර ශිල්පියා හට එම අදහස පැමිණීමට 1823 රචනා කෙරූ " ශාන්ත නිකොලොස් පැමිණි සංචාරයක් " නම් වූ සම්භාව්‍ය කවිය හේතු විය. අද අප දන්නා ප්‍රීතිමත් නත්තල් සීයා පිළිබඳ විස්තර කරන්නේ එම කවි පෙළ යි.

කෙසේ වෙතත් කොකා කෝලා ආයතනය විසින් නත්තල් සීයාගේ පෙනුම පිළිබඳ මෙම රූපය නිර්මාණය නො කෙරුව ද එය ප්‍රචලිත කිරීම සහ නත්තල් සීයාගේ මෙම රූපය අද අප කවුරුත් දන්නා නත්තල් සීයා ලෙස ස්ථීර කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට නිසැක වම ගෞරවය හිමි වේ.

කොල හෝ දුඹුරු වැනි විවිධ වර්ණ ඇඳුම් පැළද සිටි නත්තල් සීයා, එසේත් නැතිනම් එල්ෆ් කෙනෙකුගේ පෙනුම ගත්තා වූ නත්තල් සීයා හෝ වැරදි ලෙස හැසිරුණු දරුවන්ට දඬුවම් කළ භයානක නත්තල් සීයා වැනි විවිධ රූප මීට පෙර සමාජය තුල තිබී ඇත. අද නත්තල් සීයා මොන වගේ ද යන්න සඳහා අප සියල්ලන් ගේම මනසේ ඇත්තේ එකම රූපයකි. නමුත් එකල විවිධ වෙනස්කම් රාශියක් තිබුණි. එයට හේතුව වූයේ කිසිම තනි පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් ඒ කාලයේ දී නත්තල් සීයා නිර්මාණය නො කිරීම නිසා ය.

මෙය නත්තල් සීයාගේ පරිණාමය විය. ඇත්ත වශයෙන් ම නත්තල් සීයා පිළිබඳ මුල්ම සංකල්පය පැමිණෙන්නේ 4 වන සියවසේ ශාන්ත නිකලස්ගේ ජනප්‍රවාද සම්ප්‍රදායෙනි. ඔහු දුප්පතුන්ට තෑගි බෝග දීමෙන් ප්‍රසිද්ධියට පත් වූ කෙනෙකි. නමුත් වසර ගණනාවක් පුරා විවිධ රටවල චරිතවල අංග එකතු වීමෙන් උදාහරණයක් ලෙස නත්තලේ තාත්‍තා යන ඉංග්‍රීසි රූපය සහ සින්ටර්ක්ලාස් ලෙස හැදින්වූ ලන්දේසි රූපය මෙන් සියලු වර්ග වල රූප එකට එකතු වී අද අපි නත්තල් සීයා ලෙස හඳුන්වන චරිතය නිර්මාණය වී ඇත.

අහම්බයකින් කොකා කෝලා ආයතනයේ ප්‍රචාරණ කණ්ඩායම විසින් එකල නත්තල් සීයාගේ වඩාත් ජනප්‍රිය රූපය කොකා කෝලා පානය හා සමාන වර්ණය වූ රතු සහ සුදුඇදුම් පැළඳ සිටි බව දුටු අතර ඉන් පසු මෙම රූපය ඔවුන්ගේ ප්‍රචාරණයේ දී භාවිතා කිරීම සඳහා යොදා ගැනීම ආරම්භ විය. එමෙන්ම ඔවුන්ගේ වෙළඳ දැන්වීම්වල නත්තල් සීයා සෑම විටම ඉතා ප්‍රීතියෙන් සිටින බවට පෙන්වීම ඔවුන් විසින් සිදු කර ඇත.

සෑම වසරක ම කොකා කෝලා ආයතනය විසින් පල කරන වෙළද දැන්වීම් නිසා ඔවුන් මෙම නත්තල් සීයාගේ රූපය විශේෂිත රූපයක් බවට ප්‍රසිද්ධ කිරීමට විශාල වශයෙන් උදව් වූ අතර සඟරා, දැන්වීම් පුවරු සහ සාප්පු සංදර්ශනවල කොකා කෝලා ආයතනය විසින් මෙම රූපය නිරන්තර පල කිරීම නිසා මිනිසුන් හය මෙම නත්තල් සීයගේ රූපය වැඩි වශයෙන් දැකීමට ලැබුණි. මෙම විශේෂිත නත්තල් සීයාගේ රූපය ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා කොකා කෝලා ආයතනය විසින් සිදු කල පුළුල් වෙළඳ ප්‍රචාරණය විශාල කාර්යභාරයක් ඉටු කළ අතර එය නත්තල් සීයාගේ ලෝකය විසින් පිළිගත් ප්‍රධාන රූපය ලෙස ශක්තිමත් කිරීමට උපකාරී විය.

ඔවුන්ගේ නිෂ්පාදනය සමග සම්බන්ධ කිරීමට වෙනස් වර්ණවලින් යුතු සම්පූර්ණයෙන්ම නව රූපයක් නිර්මාණය කරනවා ට වඩා දැනට පවතින නත්තල් සීයාගේ රූපය ප්‍රයෝජනයට ගැනීම ඉතා ඵලදායි දෙයක් ලෙස සිතූ කොකා කෝලා ආයතනය මිනිසුන් දැනටමත් දන්නා සහ ආදරය කරන නත්තල් සීයා තම නිෂ්පාදනය ප්‍රචාරය කිරීම සඳහා පැහැර ගැනීම සිදු කෙරුවේ මේ අකාරයට ය.

එය ආරම්භ වූයේ 1931 දී " මගේ තොප්පිය ප්‍රබෝධමත් කරන විරාමය" නමින් ප්‍රචාරණ ව්‍යාපාරයක් සමඟිනි. එහි ප්‍රධාන පාඨය වූයේ,

" ලෝකයේ කාර්‍යබහුල ම මිනිසා වූ නත්තල් සීයා පවා තම වැඩ කටයුතු කරන අතරතුර අයිස් තරම් සීතල වූ කොකා කෝලා සමඟ ප්‍රබෝධමත් වීම සඳහා කාලය වැය කරයි"

එම දැන්වීමේ ඇතුළත ඇති අදහස වූයේ අපි සෑම කෙනෙකු ම එදිනෙදා ජීවිතයේ ආතතියෙන් හා කාර්ය බහුලත්වයෙන් මොහොතක විරාමයක් ගෙන කොකා කෝලා එකක් පානය කිරීමෙන්  ප්‍රබෝධමත් විය හැකි බවයි. මෙම දැන්වීම The Saturday Evening Post වැනි බොහෝ ජනප්‍රිය සඟරා වල පළ විය. එය ආරම්භය පමණක් විය. සෑම වසරකම කොකා කෝලා සහ නත්තල් සීයා අතර සම්බන්ධය ශක්තිමත් කිරීම සඳහා කොකා කෝලා සමඟ නත්තල් සීයාගේ මෙම රූපය ඇතුළත් නත්තල් දැන්වීම් වැඩි වැඩියෙන් ආයතනය විසින් ප්‍රචාරය කිරීම සිදු කළේ ය.

ඔවුන් 1931 සහ 1964 අතර සෑම වසරක ම එකම නත්තල් සීයාගේ රූපය භාවිතා කල අතර එයින් නත්තල් සීයාගේ විලාසිතාව ස්ථාවරව නො වෙනස් ව පවත්වා ගෙන ඒමට කොකා කෝලා ආයතනය හට හැකි විය. නත්තල් සීයා කොකා කෝලා බෝතලයක් අල්ලා ගෙන සිටීම හෝ පානය කිරීම ආයතනයේ වෙළද දැන්වීම් වල වාර්ෂික සම්ප්‍රදායක් බවට පත් විය. ඇත්ත වශයෙන් ම නත්තල් සීයා සඳහා අයිතිය කිසිවකුට හිමි නොවන බැවින් කොකා කෝලා ආයතනය හට කිසිදු කර්තෘ භාගයක් හෝ ගාස්තුවක් ගෙවීමට සිදුවූයේ නැත.

අවසානයේ මෙම දැන්වීම් සම්පූර්ණයෙන්ම සාර්ථක වී ශීත ඍතුවේ දී කොකා කෝලා අලෙවිය වැඩි වීම පමණක් නොව ලොව පුරා සිටින දරුවන් සහ වැඩිහිටියන්ගේ තේරීම කොකා කෝලා පානය බව ට පත් වීම සිදු විය.

Latest