Skip to content

තායිලන්ත දේශපාලනයේ ඉදිරියෙන්ම ඉන්න ධනවත් තරුණ ව්‍යාපාරිකයා..

ඊයේ පැවති  Move Forward පක්ෂයේ නායකයා වන්නේ පිටා ලිම්ජරොන්රත් කියන 40 හැවිරිදි ධනවත්, තරුණ ව්‍යාපාරිකයායි. ඔවුන් පෙනී ඉන්න ප්‍රධාන ප්‍රතිපත්ති වන්නේ තායිලන්ත දේශපාලනයේ මිලිටරි බලපෑම තුරන් කිරීම, සමරිසි විවාහයන් නීතිගත කිරීම, අනිවාර්ය හමුදා සේවය අහෝසි කිරීම, ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම, නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සහ රාජ්‍යත්වය (monarchy) සංශෝධනය කිරීම වැනි ඒවායි. Made in Thailand කියන යල් පැනගිය අදහස වෙනුවට Made with Thailand කියන සංකල්පය ඔවුන් ප්‍රවර්ධනය කරනවා. මේ කියන්නේ හැම දෙයක් ම තායිලන්තයේ හදනවා වෙනුවට තායිලන්තය ගෝලීය සැපයුම් දාම වලට සම්බන්ධ කිරීමයි. තායිලන්තය ලෝකයට විවෘත කිරීමයි. එරටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමයි.ඔවුන් ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉතා ම ආකර්ෂණීය සටන් පාඨයක් වුණේ "අන්කල් ලා" ගෙදර යා යුතු බවයි. "අන්කල් ලා" යනු තායිලන්තයේ කාලයක් තිස්සේ පැවතුණු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයි.තාරුණ්‍යයට ආකර්ෂණීය චරිතයක් වුණු මේ සුහුරු ව්‍යාපාරිකයා තායිලන්තයේ මීළඟ අගමැතිවරයා වනු ඇත්දැයි තවම කියන්නට බැහැ. එහෙත් ඔහු සහ ඔහු ගේ පක්ෂය තායිලන්ත දේශපාලනයේ ඉතා ම තීරණාත්මක සාධකය වනු ඇති බව පැහැදිලියි.#lka #SriLanka #politics #Thailand

Rasika Jayakody
Rasika Jayakody. 94,822 ಇಷ್ಟಗಳು · 5,569 ಜನ ಇದರ ಬಗ್ಗೆ ಮಾತನಾಡುತ್ತಿರುವರು. Convener -The Lanka Democratic Movement (LDM) | Author

Latest