Skip to content

විශේෂ ආරක්ෂාවන් යටතේ මන්නාරමේ ප්‍රවාහනය කෙරෙන කේරල ගංජා ජාවාරම්.

මන්නාරම මාන්තෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පල්ලමඩු ප්‍රදේශයේදී සුඛෝපභොගී වෑන් රථයකින් රැගෙන ගිය කේරල ගංජා කිලෝ 85 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) සවස අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පල්ලමඩු ප්‍රදේශයේ සිදුකල සෝදිසියකදී සැකකටයුතු වෑන් රථයක් පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

එහිදී අදාල කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයට අමතරව එයට ආරක්ෂාව සඳහා තවත් යතුරුපැදි දෙකක් ඉදිරියෙන් ධාවනය වී ඇති අතරම පොලිස් නිලධාරීන් දැකීමෙන් යුතුරුපැදි කරුවන් යතුරුපැදි දමා පලා ගොස් තිබූ අතරම අදාල යතුරුපැදි සමග වෑන් රථයත් වෑන් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු කේරල ගංජා සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගන්නා ලදි.

අදාල කේරල ගංජා වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරමින් තිබූ බවට අනාවරනය වී ඇති අතරම අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් සහ මන්නාරම් ප්‍රදේශයන්හි පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ වැඩිදුර පරික්ෂණ මන්නාරම් පොලීසිය විසින් ආර්ඹභ කොට ඇත.

Latest