Skip to content

යාපනය කැළේ සැඟවෙන කේරල ගංජා

                  ඉන්දියාවේ සිට මුහුදු මාර් ගයන් ඕස්සේ ධීවරයින් වශයෙන් පෙනීසිට කේරංල ගංජා යාපනය මුහුදු සීමාවට රැගෙන ඒමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කොට ඇතැයි නාවික හමුදාව පවසයි.

මේ අනුව යාපනනය මණ්ඩතිව් නැගෙනහිර මුහුදු වෙරල සීමාවේ පිහිටි කැලෑබද ප්‍රදේශයක උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද පාමුර සංචාරයකදී අසල තිබූ ලඳු කැලෑබද ප්‍රදේශයක සැකකටයුතු ගොනි 3 ක් දැක එය පරික්ෂා කිරීමේදී එහි තිබූ පාර් සල් 22 ක කේරල ගංජා කිලෝ 85 ගෑම් 450 ක ප්‍රමාණයක් තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස කැලෑවේ සැඟවෙන කේරල ගංජා පිළිබඳව නාවික හමුදාව සැකපල කර සිටින්නේ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද ජාවාරම් කරුවන් විසින් මෙම කේරල ගංජා මුහුදු අතරමැදදී යාපනයේ සිටින කේරල ගංජා මිලදී ගන්න පාර්සවයන් වෙතට බාර දෙන අතර එහිදී එම පිරිස් විසින් අදාල කේරල ගංජා ධීවරයින් ලෙසින් වෙරලට රැගෙනවිත් වෙරලේ වෙනත් ස්ථානයක සැඟවීම සිදුකරන බවටයි.

යාපනය මණ්ඩතිව් වෙරලේ තිබී සොයාගත් කේරල ගංජා තොගය

පසුව ජාවාරම් කරුවන් විසින් නාවික හමුදාව හෝ ආරක්ෂක අංශ නොමැති අවස්ථාවක මෙම කේරල ගංජා වෙනත් ස්තානයකට රැගෙන ගොස් දිවයිනේ විවිධ ප්‍රදේශයන් වෙතට අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදුකරන බවටය.

කෙසේ වෙතත් මේ වසරේ ගෙවී ගිය මාස 4 තුලදී වැඩිම කේරල ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත්තේද ගෙවුනු අප්‍රේල් මාසයේ වන අතර ජනවාරී මස සිට අප්‍රේල් දක්වා කාලය තුල කේරල ගංජා ජාවාරම සීග්‍රෙයන් වැඩිවී ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Latest