Skip to content

කැටගොඩගේ යෝජනාව ව්‍යවස්ථාවට පටහැනියි - නීතිපතිගෙන් නිර්දේශ

පළාත් පාලන ආයතනවල ඉවත්කළ මන්ත්‍රීවරු නැවත් පත්කිරීම සඳහා ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම් දී තිබේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන ලද්දේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විසිනි. එය සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

යෝජනාව සම්මත කර ගැනීමට නම්, තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද එය සම්මත කර ගත යුතු බව නීතිපතිවරයාගේ මතය වී ඇත.

මෙම යෝජනාවට එරෙහිව අධිකරණයට යන බව සමගි ජන බලවේගය මෙන්ම, ජාතික ජන බලවේගයද සඳහන් කර තිබුණි.

Latest