මහනුවර ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉකුත් 06 වැනිදා මහාමායා බාලිකා විද්‍යාලයේදී රැස්විය. ඒ ශිෂ්‍ය පාර්ලිමේන්තු කථානායක එස්.ටී.කේ.විජේරත්න සිසුවියගේ ප්‍රධානත්වයෙනි.ඇය මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියකි.

ප්‍රජානත්ත්‍රවාදය පිළිබදව ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම, නීතියේ ආදිපත්‍ය හා ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබදව සාකච්ඡ කිරීමත් මෙන්ම සංවාද කිරීමත් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී සිදුවේ. ඊට අමතරව අන්‍ය මතයට සවන් දීම මෙන්ම ගරු කිරීම මෙන්ම ආකල්ප කුසලතා සංවර්ධනය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් හුරු කිරීමද මේ තුළින් සිදු කිරීමට නියමිතව ඇත. අනාගත පුරවැසියන් ලෙස පවතින සමාජීය, ආර්ථික සහ සංස්කෘතික ගැටළු පිළිබදව පුළුල්ව විග්‍රහ කරමින් සාකච්ඡා කර විසදුම් සෙවීමට දරුවන් හුරු කරවීමේ අරමුණ ඇතිව ශිෂ්‍ය පාර්ලිමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හදුන්වා දී ඇත.
කථානායකවරිය සෙංකෝලය තැම්පත් කිරීමෙන් අනතුරුව සියළුම ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කරන ලදි.
නව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස පත්වී සිටින මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ සමිත විජේසුරිය සිසුවා විසින් තම මංගල කථාව සිදු කරන ලදි. ශිෂ්‍ය අගමැතිවරයාගේ මංගල කථාව සමග ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට විෂයන් 10 ක කරුණු ඇතුළත්ව තිබුණි.

මහනුවර අධ්‍යාපන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ රැස්වීම නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ටී.පී.ජී.තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන්ද, ප්‍රදේශයේ විදුහල්පතිවරුන් ද සහභාගි වී සිටියේය.



