Skip to content

කැනඩාවේ ලැව්ගිනි පාලනයෙන් තොරව පැතිරේ

Photograph: Alberta Wildfire/Reuters

කැනඩාව පුරා මේ වන විට පාලනය කල නොහැකි මට්ටමේ ලැව්ගිනි බොහෝ ලෙස පැතිරි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කැනඩාවේ බටහිර ප්‍රාන්තයේ ලැව් ගිනි ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත් මේ වන විට නැගෙනහිර පළාතේද දරුණු ලෙස ලැව්ගිනි ඇතිවී ඇති බවට වාර්තා වෙයි.

හෙක්ටයාර මිලියන 3.8ක් මේ වන වටත් සම්පූර්ණයෙන්ම දැවී ඇති බවත් එය වසර 10 ක සාමාන්‍ය අගක් මෙන් 15 ගුණයක වැඩිවීමක් බව එරට බලධාරින් විසින් පවසා ඇත. රට පුරා ලැව්ගිනි 414 ක් ඇවිළෙමින් පවතින බවත් ඉන් 239 පාලනය කිරීමට නොහැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. ලැව්ගිනි හේතුවෙන් පැතිර යන දුමාරය නිසා මේ වන විටත් උතුරු ඇමරිකාව මෙන්ම නැගෙනහිර ඇමරිකාවේ ද වායු දූෂණය  අහිතකර අන්දමින් ඉහළ ගොස් ඇති බව පැවසෙනවා. මේ හේතුවෙන් එම පළාත්වල වැසියන් ට මුව  ආවරණ පැළඳීමද අනිවාර්ය කර ඇත.

Latest