Skip to content

කාලගුණය මහජනයාට කෙබදුද ?

දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්ක වලට මේ වනවිට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය මේ දිනවල මහජනතාවද පීඩාවට පත්කරමින් සිටී. මේ පිළිබඳව සලකන කල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දක්වන ලද වාර්තාවන්ට අනුව මීට පෙර නිකුත් කරන ලද උණුසුම් කාලගුණය සම්බන්ධ අවධාණම් තත්ත්වයන් එලෙසම පවතින බවත්. දිවයිනේ දිස්ත්‍රික්ක කිපයක හා ප්‍රදේශ කීපයකට බලපා ඇති මෙකී දැඩි උණුසුම් කාලගුණය තවදුරටත් පවතින බවයි.

මේ සම්බන්ධව ගත්කල විශේෂඥයින් විසින් ප්‍රකාශ කරනු ලබන්නේ මෙකී අධික උෂ්ණත්ව කාලසීමාවකදී හිරු එළියට නිරාවරණය වීමෙන් විජලනය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි. එසේම වෛද්‍යවරුන් ප්‍රකාශ කරනුයේ කුඩා ළමුන් මේ කාල සීමාව තුළ අධික හිරු එළියට නැතිනම් උෂ්ණත්වයට නිරාවරණය නොකිරීම වඩාත් උචිත බවයි. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කරනුයේ මේ තත්ත්වය මත සෑම පුද්ගලයෙකුම තම ශරිරයේ ජල මට්ටම පිළිබඳව සැලකිලිමත් විය යුතුබවද දක්වයි.

කෙසේනමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය ප්‍රකාරව දක්වන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. කෙසේනමුත් සමස්ථයක් ලෙස අනෙකුත් ප්‍රදේශ වල වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව ප්‍රකාශ කරනු ලබයි. තවදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනුයේ වැසි ඇදහැලෙන ප්‍රදේශයන්ගේ අකුණු අනතුරු හා තද සුළං මඟින් ඇතිවන අනතුරු අවම කරගැනීමට හැකි අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහජනයා වෙත නිවේදනය සිඳුකරනු ලබයි.

Latest