Skip to content

ජුනි 30 න් පසු අර්ධ සුඛෝපභෝගි බස් සම්පූර්ණයෙන්ම තහනම් .

අර්ධ සුඛෝපභෝගි බස්රථ සේවාව ලබන ජුනි 30 සිට සම්පූර්ණයෙන්ම අහෝසිකිරීමට ජාතික ප්‍රවාහන කොමිසම තීරණය කර තිබේ.

සාමාන්‍ය මගී බස් ගාස්තුව  මෙන් සියයට 150 ක් හෝ ඊට වැඩි මුදලක් අයකරමින් මෙම බස් රථ ධාවනය වූ අතර මගීන්ට අමතර කිසිදු පහසුකමක් ලබා නොදීම පිළිබඳව ජනතාවගෙන් බරපතළ විවේචන මෙම සේවාවට එල්ල විය.

මෙම සේවාව යටතේ දිවයින පුරා බස්රථ 400 පමණ ධාවනය වන බව පැවසේ.

අදාළ බස්රථ සදහා ඔවුන්ට ගැලපෙන වෙනත් සේවාවකට මාරු වීමට ද අවස්ථාවක් ලබාදී තිබුණි. මැයි මස 31 වනදා දක්වා ලබාදී තිබූ එම කාලසීමාව ප්‍රමාණවත් නොවන බව එම අර්ධ සුඛෝපභෝගි බස්රථ සේවා දැනුම් දී තිබුණි .

මේ පිළිබඳව සලකා බලා ජූනි මස 30 වන දින දක්වා කාලය දීර්ඝ කර ඇති බවත් ඉන් අනතුරුව ලංකාවේ අර්ධ සුඛෝපභෝගි බස් සේවාවක් ක්‍රියාත්මක නොවන බවත් ජාතික ප්‍රවාහන කොමිසම පවසා සිටියි.

Latest