ඔස්කාර් සම්මානලාබි බ්‍රිතාන්‍ය නළුවෙක් වන ජුලියන් සෑන්ඩ්ස් ජීවිතක්ෂයට පත්වී ඇති බවටත් සිරුරු කොටස් හමුවීමෙන් පසුව ඒ්බව තහවුරු වී ඇතැයිද ඇමරිකානු මධ්‍ය විසින් අනාවරනය කොට ඇත.
65 හැවිරිදි සෑන්ඩ්ස් ලොස් ඇන්ජලීස් හි උතුරුදිග පිහිටි සැන් ගේබ්‍රියල් කන්ද තරණය කරමින් සිටියදී ජනවාරි 13 වනදා අතුරුදන් වූ අතර පසුව ජනවාරි 20 වනදා ඔහුගේ මෝටර් රථය පමණක් සොයාගැනුනු අතර ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොවීය..

පසුව ගලවාගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් විසින් ගුවන් මෙහෙයුම්ද අරඹමින් මෙම විශිෂ්ඨ නළුවා සෙවීම් සිදුකරලද අතර කිසිදු හෝඩුවාවක් නොලැබීමෙන් පසුව පැවති අධික සීත හා හිම පතනයන් හේතුවෙන් සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට තීරණය කෙරුණි.
පසුව තවත් කඳුනගින්නන් පිරිසක් විසින් සැන් ගේබ්‍රියල් කන්ද තරණය කිරීම සිදුකරන ලද අවස්ථාවේදී පසුගියදා ඒම පිරිසට මින්ස් අස්ථි කොටස් කිහිපයක් හමුවීමත් සමග ඒ් පිළිබඳව අදාල බලධාරීන් දැනුවත් කොට තිබුනි.

පසුව අදාල අස්ථි කොටස් හමුවූ ස්ථානයේ 80 කට අධික කන්ඩායම් යොදව විශේෂ සෝදිසි පරික්ෂණයක් සිදුකල අතර ඒහිදී ජුලියන් සෑන්ඩ්ස් කඳු තරණය කිරීමේදී ලිස්සා වැටීමෙන් මරණය සිදුව ඇතැයි අනාවරණ්ය කරගැනීමට නිලධාරීන් සමත්විය.
කෙසේ වෙතත් මේ වන විට හමුවූ අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය පරික්ෂණ සඳහා යොමු කොට ඇත.
මෙම සුපරි නළුවා වැටී ඇති ස්ථානයෙන් මීට දින කිහිපයකට පෙරද ඒක් අයෙකු වැටී මිය ගොස් ඇති අතර තවත් අයෙකූ අතුරුදහන් වී දින දෙකකට පසුව සොයාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් විසින් සමත් වූහ.
65 හැවිරිදි මේ සුපිරි නළුවා ඔස්කාර් සම්මානය දිනූ "A Room With A View" චිත්‍රපටය ඇතුළු "Leaving Las Vegas", "The Killing Fields", "Oceans Thirteen" and "24." වැනි නිර්මාණ රාශියකට දායකත්වය දී විශාල ප්‍රේක්ෂක හදවත් ප්‍රමාණයක් දිනාගත් නළුවෙකි.