ඇමරිකන් ඩෙලර් 4,629,629 ක් ජපන් ආධාර යටතේ මෙරටට ලැබුණු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8359 ක ප්‍රමාණයක් දිස්ත්‍රික්ක හතක ගොවින් අතර 08 වනදා සිට බෙදා දීමට බලධාරීන් සැලසුම් කොට තිබේ.
ඒ අනුව අදාළ පොහොර කුරුණෑගල,වවුනියාව,මුලතිව්, යාපනය,මඩකලපුව,මන්නාරම හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල තෝරා ගත් ගොවින් අතරේ බෙදා දීමට සැලසුම් කොට තිබේ. එහිදී එම පොහොර තොග ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මගින් බෙදා දෙනු ලබයි.
කුබුරු හෙක්ටයාර් 01 වගා කරන ගොවින් සදහා යුරියා කිලෝ 50 ක් හෙක්ටයාර භාගය වගා කරන ගොවින් සදහා කිලෝ 25 බැගින් නොමිලේ මෙම පොහොර බෙදා දීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව ජපන් ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ අහාර හා කෘෂිකාර්ම සංවිධානය විසින් අදාල පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යංශයට නිල වශයෙන් මේ වන විට භාරදී තිබේ.
ජපන් යුරියා බෙදා දීම අද සිට..
