Skip to content

විකටයෙක් නොවූ කවටයකුගේ කතාව

සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට  කේන්ති ගියොත් ඒ මොහොතේදී  එන කේන්තිය නිවා ගන්න, ඔහු  හෝ ඇය ඕනිම දෙයක් කරන්න පෙළඹෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට  ගෙදර තියෙන බඩුවක් මුට්ටුවක් පොලොවේ ගහන්න, නැත්නම් ඒ කෙන්තිය පැන නැගුනු පුද්ගලයාට හෝ ළඟ ඉන්න ඕනිම කෙනෙක්ට කෑ ගහන්න වගේ දෙයක් වුනත් ඒ මොහොතේ වෙන්න පුළුවන්. හැබැයි Joker Film එකේ ඉන්න  Arthurට  වෙනවා වගේ දෙයක්, ඇත්තටම සමාජයේ ඉන්න කෙනෙක්ට, වුනොත් ඔහු ඒ මොහොතේදී මොන වගේ දෙයකට පෙළඹෙයිද කියලා ඔහුවත් දන්නේ නැහැ. ඒකට හේතුව  Arthur ඒ තරම් අපහාස වලට මූණ දෙනවා, ලැජ්ජාවට පත් වෙනවා. නමුත්  කොච්චර අපහාස වලට මූණ දුන්නත්, ඔහු එක සැරේ දුෂ්ට චරිතයකට මාරු වෙන්නේ නෑ,  ඔහු Negative role එක පැත්තට හැරෙන්නේ ටික ටිකෙන් ටික.

මේ චිත්‍රපටයේ story line එක බැලුවොත් Gotham City එකේ වෙන සිද්දියක් වටා තමා මේ ෆිල්ම් එක හැදිලා තියෙන්නේ. හැබැයි අපිට පුරුදු පරණ Joker නෙවේ මේකෙ ඉන්නේ. Arthur ගේ පොඩි කාලේ ඉදලා තිබ්බ හීනයක් තමා විහිලු නලුවෙක් වෙන එක. ඒ වගේම ඔහුට මානසික රෝගයක් තියෙනවා. ඔහු නිතරම හදන්නේ ඒ රෝගය හංගගන්න. හැබැයි ඔහුට නොදැනීම ඒ රෝගය විසින් ඔහුව කම්පනයට, කුතුහලයට  වගේම අවසානයේ සාර්ථකත්වයට පත් කරනවා. මේ Film එකේ සම්පූර්ණයෙන්ම  තියෙන්නේ ඔහුගේ චරිත කතාව.

පාරක Joker කෙනෙක් විදිහට සෙල්ලම් දාපු Arthurගේ ජීවිතය ඉතාම දුෂ්කරයි. හැමදාම පොඩි එවුන්ගෙන් ගුටි කන ආතර්ට ඔහුගේ යාලුවෙක් තුවක්කුවක් දෙනවා. ඊටපස්සේ ඔහු දුම්රිය මාර්ගයකදී තරුණයන් 3 දෙනෙකුට වෙඩි තියනවා. Joker කියන භීෂණය පැතිරෙන්නේ ඒ සිදුවීමෙන් පස්සෙ. ඔය අතර ආතර්ට ඔහුගේ රංගන සිහිනය හැබෑ කරගන්ට අවස්ථාවක් හම්බවෙනවා.

මේ story line විශේෂයෙන් ඇස ගැටෙන දෙයක් තමා ART. මොකද්ද මේ ART කියන්නේ?  ෆිල්ම් එකේ විදිහට Joker ගේ ඇත්ත නම Arthur. චිත්‍රපටයේ ගොඩක් තැන් වල ඒ නම කෙටි කරලා, ඔහුට ART කියලා තමයි කතා කරන්නේ. Arthur කියන්නේ සමාජයෙන් කොන් වෙච්ච  පුද්ගලයෙක්. ඔහුට ජීවත්වෙන සමාජයෙන් වගේම සිස්ටම් (රජයෙන්) එකෙනුත් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඉතින් ඒ එල්ලවෙන බලපෑම් එක්ක Arthur ගේ මයින්ඩ් එක අප්සට් වෙලා, ඔහු වෙනත් දිශාවකට හැරෙනවා. එහෙම හැරෙන Arthurට මොකද්ද වෙන්නේ? ඔහුගේ ජීවිතයට මොනාද වෙන්නේ, මේ සේරටම කලින් කලින් ඔහුට මොනාද වුනේ? මේක තමා චිත්‍රපටයේ story line එක.

Joker ෆිල්ම් එක රිලීස් වෙද්දී United States රජයෙන් විශේෂ දැනුම්දීමක් කරලා තියෙනවා.  ඒ තමයි  ඔවුන්ගේ රටේ තරුණයන්ට අනිවාර්යෙන්ම Joaquin Phoenix ගේ ඒ රංගනයෙන් ලොකු බලපෑමක් එල්ල වෙයි, තව සරලව කියනවනම්  චිත්‍රපටියේ Jokerගේ මානසිකත්වය කිසිම අඩුවක් නැතුව තරුණයන්ගේ හදවතට transfer වෙයි, ඒ බලපෑම අනූව රටේ තරුණයෝ, I am Joker, I am Joker කියන උමතු පිරිසක් බවට පත් වෙයි කියලා තමයි US රජයෙන් එකෙන් කියලා තියෙන්නේ. ඒ නිසා ම IT chapter 2 චිත්‍රපටයට වඩා ලොකු Security එකක් Joker චිත්‍රපටය වෙනුවෙන් දීලා තියෙනවා. ඒ අනූව,

චිත්‍රපටය බලන්න ඇවිත්, ජෝකර් වගේ අනිත් අයට කරදර කරන අයව පාලනය කරන්න, පොලිස් කණ්ඩායමක්.

ජෝකර් වගේ ඇඳුම් ඇදගෙන එන අයව පාලනය කරන්න, වෙනම පොලිස් කණ්ඩායමක්.

තියටර් එක ඇතුලේ ජෝකර් ගේ දර්ශණ යනකොට, ඒ දර්ශණ බලන තරුණයන්ට මොනවම හරි බලපෑමක් සිදු වෙනවද කියලා බලන්න, තියටර් එක ඇතුලේ පොලිස් කණ්ඩායමක් පවා යොදවලා තියනවා.

ඒ වගේම අවුරුදු 18 පහළ අයට මේ චිත්‍රපටය නැරඹීමට තහනම් කරලා තියෙනවා. තියටර් එක ඇතුලට යන්න කලින්,  අනිවාර්යෙන්ම තමන්ගේ ID එක පොලිස් නිලධාරියෙක් ට පෙන්නන්න ඕනි කියල ඔවුන් විශේෂයෙන්ම කියලා තියනවා.

United States සහ Canada වල ඩොලර් මිලියන 335.5ක් සහ අනෙකුත් ප්‍රදේශවලින් ඩොලර් මිලියන 738.5ක් උපයා ගෙන, ලොව පුරා ඩොලර් බිලියන 1.074ක් උපයාගෙන තියන මේ චිත්‍රපටය 2019 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටයක් වන අතර මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ R-ශ්‍රේණිගත චිත්‍රපටය විදිහට නම් වෙලා තියනවා.

මේ ෆිල්ම් එකේ,  Set Decoration, Cinematography, Costume Design, Color grading වගේම Script එකත් ඇති විශිෂ්ටයි. Imdb තුල 8.4/10ක රේටින් අගයක් වගේම Rotten Tomatoes මීටරයේ අගය 69% ක් හා ප්‍රේක්ෂක අගය 88% ලබා ඇති මේ ෆිල්ම් එක වෙනුවෙන්, 92 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී, Joaquin Phoenix හොඳම නළුවාට හිමි සම්මානය,හොඳම චිත්‍රපටය සහ තවත් සම්මාන 11ක් දිනාගෙන තියනවා.

• Directed by Todd Phillips | • Cinematography: Lawrence Sher

• Production Design: Mark Friedberg | • Set Decoration: Kris Moran

• Costume Design: Mark Bridges | • Colorist: Jill Bogdanowicz

Latest