Skip to content

අපේ තරුණයින්ට කුර්දිස්ථානයේ රැකියා අවස්ථා.

මෙරට තරුණයින් සදහා රැකියා අවස්ථා ලබා දීමට කුර්දිස්ථාන් රජය එකගවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ඒ.එම්.හිල්මි සහ කුර්දිස්ථාන් රජයේ කම්කරු හා සමාජ සේවා අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය එච්.ඒ.රාසුල් ෂහ්බසාරි (Dr. H.A. Rasul Shahrbazari) යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට එළඹ ඇත.

විදේශ සේවා නියුක්තා කාර්යංශයේදී ඉකුත් 21 වෙනිදා මෙම සාකච්ඡාව පවත්වා ඇත.

කුර්දිස්ථානයේ රැකියා අවස්ථා මෙරට තරුණයින්ට ලබා දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා එරට රජයෙන් ඉල්ලීමක් කර ඇත.එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස කුර්දිස්ථාන් රජයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණ ඇත.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව කුර්දිස්ථාන් රජයේ නියෝජිතයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ තොරතුරු හා තාක්ෂණික අංශය,අනුමැති සහ සමථ යන අංශද නිරීක්ෂණය කර ඇත.

මෙම සාකච්ඡාවට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සහ කුර්දිස්ථානයේ සිට මෙරටට පැමිණි නියෝජිතයින්ද එක්ව සිටියේය.

Latest