Skip to content

ජනරජ දිනය දා ‘ජනරජ පෙරමුණ’ එළි දකී.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන්‌‌‘එක්සත් ජනරජ පෙරමුණ’ නම් නවතම දේශපාලන පක්ෂය හෙටට  (මැයි 22) යෙදී ඇති‌‌ජනරජ දිනය මූලික කර ගනිමින් ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට‌‌නියමිත ය.‌‌ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ ගෙන, ගොඩ නගන, කුසලතාව‌‌භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම් ව රටට ආර්ථික, රාජ්‍ය‌‌තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්,‌‌අරමුණු කර ගෙන ‘ජනරජ පෙරමුණ’ බිහි වේ.‌‌

HOPE – M නම් වූ පංචවිධ වටිනාකම් (අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය,‌‌සහකම්පනය සහ කුසලතාවාදය) සහ ආර්ථික සමෘද්ධිය, තිරසාර සංවර්ධනය,‌ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය, සමාජ සාධාරණත්වය, සම මිතුරු විදේශ‌‌ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම් ව එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කරයි.‌‌ සෞභාග්‍යමත් ජනරජයක, සාඩම්බර පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා‌විවිධ දේශපාලන, පක්ෂ, පාට, පුද්ගලයන් වෙත බලය ලබා දීමෙන් ඵලක්‌‌නොමැත.‌‌ ශ්‍රී ලංකාව සැබෑ ‘ජනරජයක්’ බවට පත් කිරීමට ඉහත කී පංචවිධ වටිනාකම්‌‌සහ ප්‍රතිපත්ති මත පදනම් වූ ‘ජනරජ පෙරමුණ’ නම් වේදිකාව ඔබ‌‌වෙනුවෙනි. යනුවෙන් එහි අරමුණ හා දැක්ම ලෙසින් එලිදක්වා ඇත.‌‌ එක්සත් ජනරජ පෙරමුණේ ලකුණ ලෙසින් දක්වා ඇත්තේ "පැන්සල" ය.

Latest