Skip to content

සීග්‍රයෙන් වැඩිහිටියන් වැඩි වන ජපානය.

ලෝකයෙන්ම අංක 1

ජපාන ජනගහනයෙන් සියයට 29.1%ක් මේ වන විට වයස අවුරුදු 65 හෝ ඊට වඩා වැඩි වයස් කාංඩයට අයත් පිරිසක් ලෙස වාර්තාවීමත් සමගම ජපානය ලොව වැඩිහිටි ජනගහනය වැඩිම රට ලෙස සැලකෙන බව එරට සිදුකල සමීක්ෂණයක් මගින් හෙලිවී තිබේ.

ජපානයේ සමස්ථ ජනගහනය මිලියන 125  ඉක්මවා ඇතැයි එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එසේම ලොව අඩුම උපත් අගයක් සහිත රටවල් අතරින් එකක් වන ජපානය ඉතිහාසයේ පළමු වරට  එරට වැසියන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් අවුරුදු 80 හෝ ඊට වැඩි බවටද එම සමීක්ෂණය මගින් හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව දෙවැනි ස්ථානයේ පසුවන ඉතාලියේ වැඩිහිටි ජනගහනය සියයට 24.5%ක් හා තෙවැනි ස්ථානයේ පසුවන ෆින්ලන්තයේ වැඩිහිටි ජනගහනය සියයට 23.6%ක් බවද සදහන්.

එළඹෙන 2040 වන විට ජපාන ජනගහනයෙන් සියයට 34.8%ක් වයස අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි ජනගහනයක් වන බවත් ශ්‍රම බලකායෙන් සියයට 13%ක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජනහනය විසින් නියෝජනය කරනු ලබන බව ජපනයේ ජනගහන සහ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික පර්යේෂණායතනය සදහන් කර තිබේ.

ජපානයේ පසුගිය වසරේ උපත ලද ළඳරුවන් සංඛ්‍යාව 800,000 කට වඩා අඩු බවත් එය සැලකෙන්නේ, 19 වන සියවසේ වාර්තා වූ අඩුම උපත් සංඛ්‍යාව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest