Skip to content

රට සල්ලි හොයන දඹුල්ලේ ජපන් මාළු.

ජපානය ඉලක්ක කරගෙන KOI නම් විසිතුරු මත්ස්‍යයින් වගා කරන්නට දඹුල්ලේ තරුණයෙකු සමත් වී ඇත.

කාලයක් ජපානයේ රැකියාවක් කර ඇති ඔහු අමිල බණ්ඩාර නම් වේ. අමිල ජපනයේ තම රැකියාව කරන අතර තුර KOI මත්ස්‍යයින් පිළිබදව අධ්‍යයනය කර ඇත. සිය රට පැමිණීමෙන් පසුව ජපන් ජාතිකයින්ගේ අමතර දැණුමද ලබා ගනිමින් තම ව්‍යපාරය පුළුල් කරන්නට ඔහු කටයුතු කර ඇත.

මේ වන විට KOI මත්ස්‍යයින් විශාල වශයෙන් ජපානයට යැවීමට අමිල  කටයුතු කර ඇත. දඹුල්ල ප්‍රදේශයේ තවත් කීප දෙනෙකු මේ වන විට තම ගෙවතු වල සාදන ලද ටැංකි වල KOI මත්ස්‍යයින් වගා කිරීම ආරම්භ කර ඇත.ඒ සදහා අවශ්‍ය තාක්ෂණික සහාය අමිල විසින් ලබා දීම සිදු කරයි.එම KOI මත්ස්‍යන්ද මිලදී ගෙන ජපානයට යැවීමට අමිල කටයුතු කරමින් සිටී.

තමා විසින් පවත්වා ගෙන යන ව්‍යපාරයෙන් මාසිකව විශාල මුදලක් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවද අමිල බණ්ඩාර සදහන් කරයි. මෙම මත්ස්‍ය වගාව නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතාද පසුගියදා දඹුල්ලට පැමිණියේය.

මෙවැනි ව්‍යාපාරයන් නගා සිටුවීම තුළින් කුඩා ප්‍රමාණයේ ව්‍යවසායකයින් බිහි කළ හැකි බවත්, එමගින් නොසිතූ ආකාරයට මෙරටට විදේශ විනිමය සම්පාදනය කර ගැනීමට හැකි බවද ආණ්ඩුකාරවරයා එහිදී කියා සිටියේය.

Latest