Skip to content

ජපානයත් සඳ බලා පිටත් වෙයි...

දකුණු ජපානයේ “තෙනෙගෂිමා” අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් 07 (අද) දින සඳට මතට යානයක් සාර්ථකව පිටත් කර යැවීමට  සමත්වූ බව ජපාන  මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

සඳ මතට යානාවක් ගොඩබැස්වීම දිගු කලක් සිට ජපානයේ උත්සාහය වී තිබූ අතර ජපානය මෙම මෙහෙයුම “මූන් ස්නයිපර්” ලෙසින් නම් කර ඇත.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සහ මිට්සුබිෂී පෞද්ගලික සමාගම එක්ව දියත් කළ මෙම මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් වැය කර ඇත.

මෙම රොකට්ටුව අභ්‍යවකාශගත කිරීමට පසුගිය සතිය තුළ අවස්ථා 03කදී උත්සාහ කළද කාලගුණය අවදානම් හේතුවෙන් එම උත්සාහයන් කල්දැමීමට ජපාන අභ්‍යවකාශ එජන්සිය තීරණය කළේය.

එම යානාව පෘථිවියෙන් පිටත්ව මාස 04කින් යානාව සඳ වටා කක්ෂගත කෙරෙනු ඇති අතර ගොඩබැස්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මාසයේ බව වාර්තා වේ.

යානාව සඳ “මාරේ නෙක්ටාරිස්” ද්‍රෝණිය ලෙස සැලකෙන පෘථිවියේ සිට පැහැදිලිව පෙනෙන සඳේ කළු පැහැ ලපයක් ලෙස පෙනෙන ස්ථානයට ගොඩබැස්වීම ජපානයේ සැලසුම වී ඇත.

මේ අතර සඳ මතට යානාවක් ගොඩබැස්වූ ලොව 05 වැනි රට බවට පත්වීම සදහා ජපානය මේ වන විට ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

Latest