Skip to content

පාඨලී චම්පික රණවක නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරයි

එක්සත් ජනරජ පෙරමුණ නම් වු තම නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂයක් මේ මස 22 දා කොළඹදී ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදීය.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ පාටලී චම්පක රණවක මහතා කියා සිටියේ මැයි 22 එනම් ශ්‍රී ලංකා ජනරජ දිනයේ තමාගේ නව පක්ෂය කොළඹදී ආරම්භ කරන බවත් මෙම පක්ෂය පවතින රජයන්ට මුක්කු ගහන පක්ෂයක් නොවන බවත්ය.

මෙම නව පක්ෂය සමග සම්බන්ධ වන්නන් පිළිබඳව සියලු දෙනාට එදින බලාගත හැකි බවත්. නව පක්ෂය මගින් මේ රට ගොඩනැගීමේ යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ඒ මහතා  කීය.

සාම්ප්‍රදායික දේශපාලනය මේ වන විට රටේ ජනතාවට පිලිකුල් වී ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ රටට ආදරය කරන නව මුහුණ ඉදිරිපත් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

Latest