Skip to content

ජනකගේ ජනපති සිහිනය

ජනතා නියෝජිතයෙක් ලෙස පැමිණ රටේ ජනාධිපති වී ජනතාවට සේවය කිරීමට තමන් දැන් සූදානම් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක කියයි.

මේ වනවිට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති නම් කිහිපයෙන් ඉදිරියෙන්ම ඇත්තේ තමාගේ නම බවත් ඔහු කියයි.

රට පාලනය කරන්න නායකයෙක් අවශ්‍ය බැවින් තමා ඒකට සුදුසු බවත් අවශ්‍ය උපදෙස් දෙන්න වෘත්තිකයෝ තමාට සිටින බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.

උපයෝගිතා කොමිසමේ තම රැකියාව අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස තමා අවසානයේ බලාපොරොත්තු වූ සහනය රටේ ජනතාවට ලැබිලා ඇති බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.

“මට රනිල්ගේන් වත්  සජිත්ගෙන් වත් වැඩක් නෑ. මට ඕනේ මහජනතාවගේ කැමැත්ත අරගෙන එන්නයි. පොදු අපේක්ෂකයා හැටියට නෙමෙයි මම එන්න්නෙ මහජන නියෝජිතයෙක් විදියට. මට පක්ෂයක් ඕනේ ඡන්දෙට යන්න.

නායකයෙක් ඕනේ රට පාලනය කරන්න. අරගලය කිව්වේ 225ම එපා කියලයි 225න් රාජ්‍ය පරිපාලනය දන්න කෙනෙක් කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා මිස එක දන්නේ නැති අයට දීලා වැඩක් නෑ.” යැයි ඔහු පැවසිය.

Latest