Skip to content

යාපනය පලාලි AIR PORT එක ලොකු කරන්න යයි.

යාපනය පලාලි ගුවන්තොටුපල දිනේන් දින කාර්යක්ෂම වීමත් සමග වැඩි මගීන් ප්‍රමාණයක් ඉන්දියාව අතර ගමනාගමනය වීමත් හේතුවෙන් ගුවන්තොටුපල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඉදිරි මා 5 කාලය තුලදී පලාලි ගුවන්තොටුපලේ මගී පර්යන්තය පුලුල් කොට මගීන්ට පහසුකම් සැපයීමට පියවර ගන්නා අතර එමගින් දැනට මගී පර්යන්තයේ පවතින තදබදය අවම කරගැනීමටද හැකිවනු ඇත.

එමෙන්ම දැනට පලාලි ගුවන්පතයේ ඇති මීටර් 2300 ක ධාවන පථයේ මීටර් 900 ක දුරක් අලුත් වැඩියා කිරීම හා ධාවන පථය මීටර් 300 කින් දීර්ඝ කිරීමටද නව ව්‍යාපෘතිය මගින් සැලසුම් කොට ඇත.

පලාලි ගුවන්තොටුපලේ නව සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 160 ක මුදලක් වෙන්කිරීමට විෂයභාර අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇති බවටද වාර්ථා වෙයි.

මේ වන විට පලාලි ගුවන් තොටුපල සහ ඉන්දියාව අතර සතියකට ගුවන් ගමන්වාර 4 ක් සිදුකෙරෙන අතර ඉදිරියේදී සතිය පුරා ගුවන්ගමන් සිදුකිරීම කෙරෙහිදී බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

Latest