Skip to content

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය අදයි

ලෝකයේ ජෛව විවිධත්ව ගැටළු පිළිබඳ අවබෝධය සහ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 22 වන දින ජෛව විවිධත්වය සඳහා වූ ජාත්‍යන්තර දිනය (IDB) ලෙස නම් කර ඇත.

වර්ෂ 1993 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ දෙවන අනු කමිටුව ප්‍රථම වරට ලෝක ජෛව විවිධත්ව සම්මුතිය බලාත්මක වන දිනය ලෙස දෙසැම්බර් මස 29 දින නම් කරන ලදී. ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ එකඟ වූ පාඨය එකඟ කර ගැනීම සඳහා වූ සමුළුවේ නයිරෝබි අවසාන පණත මඟින් 1992 මැයි මස 22 වන දින සම්මුතියේ පාඨය සම්මත කිරීම සැමරූ අතර 2000 වර්ෂයේ දෙසැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි මස 22 වන දින ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය ලෙස නම් කරන ලදී.

ජෛව විවිධත්වය යනු ජීවීන් අතර පවතින විවිධත්වයයි. සහරා හෝ ථාර් හෝ මහා වාලුකා කාන්තාරය ද ඇමේසන්, කොංගෝ හෝ සිංහරාජය වැනි නිවර්තන වැසි වනාන්තරයක් ඔබට සිහියට නගා ගත හැකි නම් ජෛව විවිධත්වය අතින් වඩාත් පොහොසත් වන්නේ නිවර්තන වැසි වනාන්තරය. මන්ද එහි ජීවීන් විශාල සංක්‍යාවක් ජීවත් වන බැවිනි. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම අවශ්‍ය වන්නේ ස්වාභාවධර්මයාගේ ක්‍රියාකාරීත්වය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වන අතර ජීවී සහ අජෛවී සංරචක අතර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියාත්මක වන ජෛව ගෝලයේ පැවැත්ම සඳහා ජෛව විවිධත්වය අත්‍යාවශ්‍ය සාධකයකි.

පුරෝකතනය කර ඇති ආකාරයට 2050 වන විට ලෝකයේ දැනට පවහින ජෛව විවිධත්වයෙන් 10% ක් අහිමි වන්නට නියමිත අතර ඒ අනුව 2023 ජාත්‍යන්තර ජෛව විවිධත්වය සඳහා වූ දිනයේ තේමා පාඨය වන්නේ " ගිවිසුමේ සිට ක්‍රියාව දක්වා ජෛව විවිධත්වය ගොඩ නැඟීම යන්නය. "ජෛව විවිධත්වය සුරැකීම සඳහා ගෝලීය වශයෙන් එකඟ වූ ක්‍රියාකාරී සැලැස්මක් පවතින අතර 2030 වන විට එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකයා ප්‍රවර්ධනය කිරීම ජෛව විවිධත්වය සඳහා වූ ජාත්‍යන්තර දිනයේ අරමුණයි.

2022 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ ප්‍රතිඵලයක් වශයෙන් කුංමින්ග් මොන්ට්‍රියෙල් ජෛව විවිධත්ව රාමුව බිහි වූ අතර මෙහිදී රටවල් 200 කට ආසන්න ප්‍රමාණයක් 2030 වන විට ජෛව විවිධත්ව හානිය නැවැත්වීමට සහ ආපසු හැරවීමට සුවිශේෂී ගිවිසුමකට අත්සන් කිරීමද සිදුකර ඇත. මෙහිදී විශේෂයෙන්  2030 ඉලක්ක අතර ස්වදේශික සහ සාම්ප්‍රදායික භූමි ප්‍රදේශ ද පිළි ගනිම්න් අවම වශයෙන් භුමි සහ සමුද්‍ර ප්‍රදේශවලින් 30 % ක් ආරක්ෂා කිරීමට රටවල් එකඟ වී ඇත.

‌                                                                      

Latest