Skip to content

ජාතික හැදුනුම්පත් දඩය දහ ගුනයකින් ඉහලට..

නිසි වයටසට නොගත්තොත් වැඩ වරදී..

නියමිත වයස් කාල සීමාව තුලදී පුද්ගලයෙක් ජාතික හැඳුනුම්පතක් ලබා නොගැනීමේ වරදට මෙතෙක් අය කල රුපියල් 250ක්වූ දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දමා ඇත.

වයස අවුරුදු 40 ඉක්මවූ ජාතික හැඳුනුම්පතක් නොමැති සෑම පුද්ගලයෙක්ම එය ලබා ගැනීමේදී මෙම දඩ මුදල අනිවාර්‍යෙන්ම ගෙවීය යුතුවේ.

වැඩි වූ දඩ මුදල ගෙවීමට නොහැකි අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගෙන් පමණක් සංශෝධනයට පෙර අයකළ දඩ මුදල වන රුපියල් 250ක මුදල එලෙසම අය කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එසේ ප්‍රමාදවී ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් දඩ මුදල අය කරන ලද කුවින්තාසිය සහ ග්‍රාම නිලධාරියාගේ නිර්දේශය ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත සමග අමුණා සිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ සදහන් කරයි.

Latest