Skip to content

ඉවතලන බෝතල් 15000කින් සැදූ වෙසක් කූඩු

සෞරග්‍රහ මණ්ඩලය ඉවතලන බෝතල් සහ ශොපින් බෑග් මඟින් නිර්මාණය කර ඇති අයුරු 

මෙවර  වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හී විවිධ කූඩූ නිර්මාණයන් සිදු කර තිබෙනු දක්නට හැකිවිය. ඇතැම් වෙසක් කූඩූ සහ තොරණ් තවත් ඉදිරියටත් දින කිහිපයක් ප්‍රදර්ශනය කිරීමටත්  ඒවායේ සංවිධායකවරුන් කටයුතු කර ඇත්තේ මේ වෙසක් උත්සවය ජනතාව සමරනුයේ වසර හතරකට පමණ පසුවීම නිසාවෙනි

මේ මනරම්  වෙසක් කූඩු නිර්මාණයන් අතරේ පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ ප්‍රදර්ශණයට තිබූ වෙසක් කූඩුවක් මෙවර කාගේත් කථා බහට ලක්විය ඒ එහි වූ සුවිශේෂී බව නිසාමය. එය නිර්මාණය කර තිබුනේ "බේකරිය කණ්ඩායම" විසිනි.

ඉදිරිපත් කෙරුණු නාට්‍යමය අංගයක්

වෙසක් උත්සවය නිමිත්තෙන් බෞද්ධ කතිකාව අනුව "ලෝකය බිහිවීම කෙසේද, ජීවීන් බිහිවීම කෙසේද , මිනිසා ගේ මනස  බිහිවීම කෙසේද" කියන කාරනා පිළිඹිඹු වන ආකාරය විදහා දැක්වෙන අයුරින් මෙම ස්ථානයේදී කෙටි නාට්‍යමය අංගයක්ද වේදිකා ගත කලේය. ඒවගේම  ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සාගර ජීවීන්ට වන බලපෑම පිළිබිඹු කරමින් නිල් තල්මසෙකුගේ ආකෘතියක්ද කූඩූවක් ලෙස මෙහිදී තනා තිබිණ.

බෝතල් වලින් නිමවූ නිල් තල්මසාගේ අනුරුව 

මේ සියලු නිර්මාණයන් සිදු කර තිබුනේ බේකරි කණ්ඩායමේ විරාජ්  ලියනාරච්චි ඇතුළු 60 දෙනෙකුගේ පිරිසක් විසිනි.  කුඩා දරුවනුත් ඔවුන්ට පුලුවන් විදිහට මේ නිර්මාණයට උදව් කර තිබිණ . එනම් වූකල මෙය සාමූහික  කණ්ඩායම් වැඩකි.

විරාජ් ලියනාරච්චි

සිය නිර්මාණය පිළිබඳව  අදහස් දැක්වූ විරාජ් මෙසේ පැවසීය. " වසර ගණනාවක්ම අපි මෙතන වෙසක් කූඩුවක් සෑම වෙසක් දිනකම ප්‍රදර්ශණය කරනවා. නමුත් මෙවර අපි වෙනස් විදිහේ නිර්මාණයක් සිදු කලා. මේ නිර්මාණය අවසන් කරන්න අපිට මාස පහක වගේ කාලයක් ගතවුනා. මේ සඳහා අපි භාවිතා කලේ ඉවතලන ප්ලාස්ටික් බෝතල් සහ සිලි සිලි බෑග්. ඉවතලූ ප්ලාස්ටික්  බෝතල් පහලොස්දාහක් පමණ මේ සඳහා යොදා ගෙන තියෙනවා. බෑග්ද විශාල ප්‍රමාණයක් භාවිතා කලා. වියදම ලෙස රුපියල් ලක්ෂ විස්සක් පමණ වැයවුනා සමස්ත නිර්මාණය සඳහාම. අද හැමෝම කථා කරනවා මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කල යුතුයි කියලා. නමුත් තාම විශාල ලෙස බෝතල් මහා මාර්ගයේ ගංඟාවල් ආශ්‍රිතව තියෙනවා. මේ සියල්ල අවසානයේ මහ මුහුදට ගසා ගෙන යනවා. "

"අපේ රට වටේ මුහුදේ තමයි නිල් තල්මසුන් වැඩිපුරම ජීවත් වෙන්නේ. මේ බෝතල් සහ බෑග් ඒ සතුන් ආහාරයට ගත්තාම සිදුවන දේ තමයි මේ සත්ව ආකෘතිය මගින් පෙන්වන්නේ. අනෙක් නිර්මාණ මඟින් ලෝකය, ජීවියා බිහිවම කථාවක් ලෙස දිග හැරෙනවා.  මේ ප්ලාස්ටික් මුලුමනින්ම ඉවත් කල නොහැකියි . නමුත් එය අපි යම් කලමාණාකරණයක් කල යුතුම වෙනවා"

මේ නිර්මාණය සඳහා යොදාගෙන තියෙන ප්ලාස්ටික් බෝතල් ඇතුලු ශොපින් බෑග් වලට මොවුන් විසින් පිළිතුරක් සොයා ගෙන ඇත. එනම්  මේ සියල්ල  ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කරන ආයතනයකට බාර දීමටත් මේ වනවිටත්  සියලු  වැඩකටයුතු සංවිධානය කර අවසන්ය.

මෙවර  වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හී විවිධ කූඩූ නිර්මාණයන් සිදු කර තිබෙනු දක්නට හැකිවිය. ඇතැම් වෙසක් කූඩූ සහ තොරන් තවත් ඉදිරියටත් දින කිහිපයක් ප්‍රදර්ශනය කිරීමටත්  ඒවායේ සංවිධායකවරුන් කටයුතු කර ඇත.

මේ විශේෂිත වෙසක් කූඩු නිර්මාණයන් අතරේ පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ ප්‍රදර්ශණයට තිබූ වෙසක් කූඩුවක් මෙවර කාගේත් කථා බහට ලක්වුනා. ඒ එහි වූ සුවිශේෂී බව නිසාමයි.වෙසක් උත්සවය නිමිත්තෙන් බෞද්ධ කතිකාව අනුව "ලෝකය බිහිවීම කෙසේද, ජීවීන් බිහිවීම කෙසේද , මිනිසා ගේ මනස  බිහිවීම කෙසේද" කියන කාරනා පිළිඹිඹු වන ආකාරය විදහා දැක්වෙන අයුරින් මෙම ස්ථානයේදී කෙටි නාට්‍යමය අංගයක්ද වේදිකා ගත කලා. ඒවගේම  ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සාගර ජීවීන්ට වන බලපෑම පිළිබිඹු කරමින් නිල් තල්මසෙකුගේ ආකෘතියක්ද කූඩූවක් ලෙස මෙතන හදලා තිබුනා.මේ සියලු නිර්මාණයන් සිදු කර තිබුනේ විරාජ් ලියනාරච්චි ඇතුළු 60 දෙනෙකුගේ පිරිසක් විසින්. මේ අයගේ කණ්ඩායම හඳුන්වන්නේ "බේකරිය කට්ටිය කියලා." කුඩා දරුවනුත් ඔවුන්ට පුලුවන් විදිහට මේ නිර්මාණයට උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක කණ්ඩායම් වැඩක්.ඒ පිළිබඳව අදහස් දැක්වූ විරාජ් මෙසේ පැවසීය. " වසර ගණනාවක්ම අපි මෙතන වෙසක් කූඩුවක් සෑම වෙසක් දිනකම ප්‍රදර්ශණය කරනවා. නමුත් මෙවර අපි වෙනස් විදිහේ නිර්මාණයක් සිදු කලා. මේ නිර්මාණය අවසන් කරන්න අපිට මාස පහක වගේ කාලයක් ගතවුනා. මේ සඳහා අපි භාවිතා කලේ ඉවතලන ප්ලාස්ටික් බෝතල් සහ සිලි සිලි බෑග්. ඉවතලූ ප්ලාස්ටික්  බෝතල් පහලොස්දාහක් පමණ මේ සඳහා යොදා ගෙන තියෙනවා. බෑග්ද විශාල ප්‍රමාණයක් භාවිතා කලා. වියදම ලෙස රුපියල් ලක්ෂ විස්සක් පමණ වැයවුනා සමස්ත නිර්මාණය සඳහාම. අද හැමෝම කථා කරනවා මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කල යුතුයි කියලා. නමුත් තාම විශාල ලෙස බෝතල් මහා මාර්ගයේ ගංඟාවල් ආශ්‍රිතව තියෙනවා. මේ සියල්ල අවසානයේ මහ මුහුදට ගසා ගෙන යනවා. ""අපේ රට වටේ මුහුදේ තමයි නිල් තල්මසුන් වැඩිපුරම ජීවත් වෙන්නේ. මේ බෝතල් සහ බෑග් ඒ සතුන් ආහාරයට ගත්තාම සිදුවන දේ තමයි මේ සත්ව ආකෘතිය මගින් පෙන්වන්නේ. අනෙක් නිර්මාණ මඟින් ලෝකය, ජීවියා බිහිවම කථාවක් ලෙස දිග හැරෙනවා.  මේ ප්ලාස්ටික් මුලුමනින්ම ඉවත් කල නොහැකියි . නමුත් එය අපි යම් කලමාණාකරණයක් කල යුතුම වෙනවා"මේ නිර්මාණය සඳහා යොදාගෙන තියෙන ප්ලාස්ටික් බෝතල් වලට මොකද කරන්නේ කියලා දැන් කට්ටියටම හිතෙන්න පුලුවන් නේද . ඒකටත් මේ අය විසඳුමක් හොයාගෙන තියෙනවා. මෙතන තියෙන සියලුම දේවල් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කරන ආයතනයකට බාර දෙන්න සියලු  වැඩකටයුතු සංවිධානය කරලා අවසන්.

Latest