සක්සුරීගේ දිගු දළ ගැන තායි පශු වෛද්‍ය වරිය කී කතාව.
ශ්‍රී ලංකාවේ සිට යලිත් තායිලන්තයට රැගෙන ආ සක්සූරීන් හස්තියාගේ ඉතා දිගු හා ආකර්ශණීය දළ යුගලය පිළිබඳව එරට ඇත්ගොව්වන්ට හා අලි ඇතුන්ට ආදරය කරන සත්ත්ව ලෝලීන්ට මහත් කුතුහළය දනවන කරුණක්ව පවතින බව තායිලන්ත පුවත්පතක් මගින් අනාවරණය කර තිබේ.
එසේ තායිලන්තයට රැගෙන ගියා හස්තියා මූලික ප්‍රතිකාර හා නිරෝදායනය වෙනුවෙන් රඳවා සිටින ලම්පෑන්ග් (Lampang) අලි රෝහලේ ප්‍රධාන පශු වෛද්‍ය නිළදාරිනී වෛද්‍ය වරන්කානා ලැංග්පන් ( Warangkhana Langkaphin) මහත්මිය විසින් ඊට මෙසේ පිළිතුරු ලබා දී තිබේ.

"මෙම සත්වයින් සතුව විවිධ ඇත් දළ වර්ග ඇති තිබෙනවා, ඒ එක් එක් දළ යුගලයන්හී වර්ධන වේගය වෙනස් වනවා. දළවල දිග බොහෝ විට ඒ ඒ සත්වයාගේ ජීවන රටාව මත රඳා පවතීන කරුණක්.
වන අලි ඇතුන් සටන් කිරීමට සහ ආහාර සොයා ගැනීමට තම දළ භාවිතා කරනවා. එබැවින් ඔවුන්ගේ දළ විවිද මට්ටම් වලින් ඛාදනය වෙනවා. එහෙත් සක්සූරීන් වැනි ගෘහාශ්‍රිත අලි ඇතුන්ට ඒ සඳහා තමන්ගේ ඉදිරිපස දත් වන තම දළ භාවිතා කිරීමට අවශ්‍ය නොවන අතර එම නිසා ඒවාට කිසිදු හානියක් සිදු නොවේ."
කල් යාමේදී මිනිසාගේ දත් වැඩීම නවතිනවා මෙන් නොව අලියෙකුගේ දත් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම අඛණ්ඩව වර්ධනය විය හැකි බව පශු වෛද්‍යවරිය පැවසීය.
"සක් සූරීන්ගේ ඇත් දළ දාන පාත්‍රයක් අල්ලාගෙන සිටින දෑතින් මෙන් අලංකාර හැඩයකින් යුක්තය. එබැවින් ශ්‍රී ලංකාව බුදුරජාණන් වහන්සේගේ ධාතු කරඬුව වැඩම කරවන ආගමික පෙරහැරවලට සක් සූරීන් යොදාගෙන තිබුණා" යැයිද ඇය එහිදී පවසා තිබේ.
