Skip to content

දිවයින පුරා පැතිරෙන පාංශු උණ. මාරාන්තිකයි ඔබත් ප්‍රෙව්ශම් වන්න.

ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා මාරාන්තික උණ රෝගය පාංශු උණ ලෙසින් හැඳුන්වා ඇති අතර මෙම උණ රෝගී තත්වය ශ්‍රීලංකාව පුරා ව්‍යාපත්වී ඇති බවට වාර්ථා වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණය කළේය.

මෙම රෝගය මාරාන්තික වන අතරම පවතින වැසිසහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ නමැති රෝග තත්ත්වයක් ලෙසින් හඳුන්වා ඇති බවටද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

රෝගය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ශ්‍රීලංකා වෛද්‍ය සංගමය විසින් ජනතාව දැනුවත් කර සිටියේ මෙලෙසින්,

රෝගය වැළඳෙන ආකාරය.

මෙම බැක්ටීරියාව පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින්ද ශරීරගත වන අතර ශරීරය අභ්‍යන්තරයේ ඇති ග්‍රන්තිවල කුමන ආකාරයේ ග්‍රන්තියක මෙම බැක්ටීරියාව පැතිරී ව්‍යාප්ත වේදැයි පෙරාතුව කීමට නොහැකි බවටද වෛද්‍ය සංගමය පෙන්වා දෙයි..

රෝගයේ ස්වභාවය.

මෙම රෝගයේ ස්වභාවයන් කිහිපයක් පිළිබඳවද අනාවරනය කරමින්  වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ රෝගීන් සමහරක් නියුමෝනියා තත්වයකට පත්වීමට හැකියාව තිබෙනවා, පෙනහළු වල සැරව ගෙඩි වශයෙන් පැතිරෙනවා, තවත් අක්මාවේ සහ ප්ලීහාවේද සැරව ගෙඩි පැතිරෙන්න පුලුවන්, සිරුරේ සන්ධිවල ආසාදනය වෙන්න පුලුවන්, කකුල් රතුවෙල් ඉඳිමිලා ප්‍රදාහයක් විදිහට එන්න පුලුවන් , මොළෙ උණක් විදිහට එන්න පුලුවන්, මොළේ ඇතුලේ සැරවගෙඩියක් එන්න පුලුවන් මේ රෝගය එන එක විදිහක් කියල කියන්න බැරි ඒ නිසයි.

සමහර අවස්ථාවලදී මේ රෝගී තත්වය පිළිබඳව වෛද්‍යවරුන් අතර පවා අවබෝධයක් නොතිබෙන්න පුුලුවන් සමහර විටෙක් වෛද්‍යවරයෙක් කියන්න පුලුවන් මේක මී උණ කියලා ඉතින් ඒ උණට බෙහෙත් කලොත් රෝගියාගේ තත්වය මාරාන්තික වෙන්න පුලුවන් මේ රෝගය දිවයින පුරාම ව්‍යාප්ත වෙලා කියාල දැනට හොයාගෙන තිබෙනවා. ඒ වගේම බොහො මරණ සංඛ්‍යාවකුත් සිදුවෙලා තිබෙනවා.  

රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේද.

නිතර සෑම අයෙක්ම පාවහන් පැළඳිය යුතුයි නිවසින් බැහැරවන සෑම අවස්ථාවකදීම. පානීය ජලය බාවිතයට ගැනීමේදී පිරිසිදු ජලය පානය කල යුතුයි එහෙම නැත්තම් ක්ලෝරින් සහිත ජලය පානය කරන්න. යනුවෙනි.

Latest